ඔළු ගෙඩි මාරු කරලා අපි බලය ගන්නේ නැහැ

  👤  2914 readers have read this article !
By mawbima 2017-08-23

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ බලය ලබා ගන්නේ ඔළුගෙඩි මාරු කරලා නෙවෙයි ජනතාවගේ ඡන්දයෙන් බව පැහැදිලිව කියනවා. ඒ සඳහා අපි මැතිවරණයක් ලබා ගන්නවා යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් පැවැසීය.
වදුරඹ නගර ශාලාවේ පැවැති මෙම බල මණ්ඩල රැස්වීම දකුණු පළාත් සභා මන්ත්‍රි ඉසුරු ‍ෙදාඩන්ගොඩ මහතා විසින් සංවිධානය කොට තිබිණි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

ශ්‍රී .ල.නි. පක්ෂය අද බෝඩ් ලෑල්ලක් බවට පත්වෙලා තියෙනවා. එජාපයේ ප්‍රතිපත්තිවලට ගරු කරන පක්ෂයක් බවට පත්වෙලා තියෙනවා. හිටපු පළාත් පාලන නියෝජිතයන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හා මහජනතාවගේ ඉල්ලීම පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ නව දේශපාලන පක්ෂයක් අපි පිහිටුවීමට කටයුතු කළා. මේ රටේ වයසින් අඩුම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.
මේ ආණ්ඩුව ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරලා තියෙනවා. ජනතාවට ඡන්ද බලය නැති කරලා තියෙනවා. අපි උසාවි ගාණේ ගිහින් සටන් කරලා නැවත ප්‍රාදේශීය සභා මැතිවරණය ජනතාවට කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. අපි ඡන්දය ගත්ත වගේම ඡන්දය දිනන්නත් ඕන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වුණේ ජාතික සම්පත් රැකීමයි. පොදු ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා අපේ රටේ ස්වෛරිභාවය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීමයි. අද ශ්‍රී .ල.නි. පක්ෂයේ යැයි කියා ගන්නා මේ රටේ නායකත්වය දරන ජනාධිපතිවරයා යටතේ ඇති ආණ්ඩුව හා එජාපයේ අගමැතිවරයා කරන්නේ අපේ රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමයි. ගොවි ජනතාව පීඩාවට ලක් කරමින් හැම අතින්ම කරන්නේ ශ්‍රී .ල.නි. පක්ෂයේ ප්‍රතිපත්ති විනාශ කිරීමයි. ශ්‍රී .ල.නි. පක්ෂයේ බලකණු වන ජනතා පදනමක් ඇති නායකයන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ කටයුතු කරනවා. ගාල්ලේ රමේෂ් පතිරණ හා මොහාන් පී. ද සිල්වා යන මන්ත්‍රිවරු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරලා කරන්නේ ජන පදනමක් ඇති නායකයන් පක්ෂයෙන් අෑත් කිරීමයි.

ග්‍රාමීය ආර්ථිකය මේ ආණ්ඩුව විසින් විනාශ කරලා තියෙනවා. තේවලට මිලක් තියෙනකොට දලු නැහැ. දලු තියෙනකොට මිලක් නැහැ. පොහොර සහනාධාරය කපා දැම්මා. තේ, රබර් කිරි ගොවියා ඉවරයි. වී ගොවියා අන්ත අසරණයි. සහලින් ස්වයංපෝෂිතව තිබූ රට අද විනාශ වෙලා. ගමේ ජනතාවට මුදල් ලැබෙන්නේ නැහැ. ගමේ ආර්ථිකය නතර වෙලා. දැන් කියනවා හම්බන්තොට වරාය විකුණුවේ නැහැ 99 අවුරුද්දකට බදු දුන්නා කියලා. වසර හයකට බලයට පත්වූ රජයට රජයේ දේපළක් 99කට බදු පදනම මත දෙන්න අයිතියක් නැහැ.

රත්ගම _ ගුණපාල ඉරත්නවල්ලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්