ඒකාබද්ධය දුන්නු පොදු අපේක්‍ෂක ලණුුව විජයදාස රාජපක්‍ෂ හොඳටම කාලා

  👤  2963 readers have read this article !
By mawbima 2017-08-23

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලට ලක්වීමෙන් පසුව ඉවතට පැමිණ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා ඇත්තේ වාහනයක පාට වෙනස් කිරීම පිළිබඳව තමාගෙන් ප්‍රශ්න කළ බව යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ ආකාරයෙන් මාධ්‍ය හා ජනතාව රැවටීමට උත්සාහ දරන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම අනුව එහි ගොස් ඇත්තේ කුරුණෑගල, ගාල්ල, මාතර වැනි ප්‍රදේශවලින් කැඳවාගත් පිරිසක් සමඟ බවත් තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් අනුගමනය කරමින් ඇය උත්සාහ කරන්නේ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට වුවත් හෘද සාක්ෂියේ අනුකම්පාව දිනා ගැනීමට හැකියාවක් ඇයට නොමැති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (22දා) පෙරවරුවේ පැවැති එජාප මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම අදහස් පළ කළ නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය අද කතා කරන්නේ මැරී උපන් පිරිසක් ලෙස යැයිද සඳහන් කළේය.
නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ බැඳුම්කර සිද්ධිය නිසා රුපියල් ටි්‍රලියනයක පාඩුවක් සිදුව ඇති බවයි. මෙම ප්‍රකාශය වැරැදි බව පහේ පන්තියේ ළමයකු පවා දන්න නිසා එය නිවැරැදි කරන ලෙස බැංකුවක වැඩ කළ බව කියන ලක්ෂ්මන් යාපා රාජ්‍ය ඇමැතිවරයාට මා දන්වා සිටියා. එහෙත් බැංකුවේ පියන් වැඩක් කළ අයෙක්වත් නොකරන පරිදි ඔහු නැවතත් එම ප්‍රකාශයම කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කැබිනට් ආර්ථික අනුකමිටුව ගන්නා තීරණ සතිපතා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනවා. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු මේ කැබිනට් ආර්ථික අනුකමිටුව නියෝජනය කරනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන කැබිනට් මණ්ඩලයේ හිටියත් එදා තීන්දු තීරණ ගත්තේ රාජපක්ෂ පවුලේ අය බව අද එතුමාට අමතකයි. අද වාගේ කැබිනට් මණ්ඩලයේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ගියා නම් එදා වෙන දේ එතුමාලා දැන සිටියා.

එහෙම ඉඳලා ජනතාව ප්‍රතික්ෂේප කළ අබේවර්ධන මහත්තයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් රාජ්‍ය ඇමැති ධුරයකුත් ලබාගෙන අසත්‍ය ප්‍රකාශ කිරීම ලැජ්ජා විය යුතු කරුණක්. යහපාලන රජයට රිංගාගෙන අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කෙටවීමට මාන බලන දේශපාලන කුණු බක්කියට වැටුණු මේ අය උරුලෑවා ගියා සේ යන යන තැන ගඳ ගස්වනවා.

විජයදාස රාජපක්ෂ මහතා එජාපෙ මන්ත්‍රිවරයෙක් වශයෙන් එතුමාට භාරදුන් වගකීම් ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යව ඇත්තේ ඔහු එම පුටුවේම තබා ගැනීමටයි. එහි රහස දන්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ විජයදාස රාජපක්ෂ මහතා පමණයි. 2020දී විජයදාස රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයා කරන බවට ඒකාබද්ධ විපක්ෂය ඔහුට දිරච්ච ලණුවක් දීලා. මේක දිරවා ගන්න බැරුව එතුමා අද ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්