උ/පෙළ ප්‍රශ්න ඇතුළත් පත්‍රිකාවක් බෙදූ සිද්ධිය ගැන විමර්ශන ඛ්ධ්ච්යට

  👤  2926 readers have read this article !
By mawbima 2017-08-23

චාමර අමරසූරිය, ගම්පහ - කේ.ඒ සිසිර කුමාර,

වේයන්ගොඩ - ඉන්දි තුෂාර, ගම්පහ - ‍ෙදාන් විතාන ආරච්චි

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව ධ්ධ් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත්පත්‍රිකාවක් ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ඉදිරිපිට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22දා) සිට භාරදී තිබේ.
මෙම අත්පත්‍රිකාව පරිගණක ගත කළ තැනැත්තාද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

උපකාරක පන්ති ගුරුවරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (22දා) ගම්පහ ප්‍රදේශයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්