මන්ත්‍රි පියංකරටයි ලේකම්ටයි ඇප

  👤  2921 readers have read this article !
By mawbima 2017-08-23

කේ. එස්. උදයකුමාර්

සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ නොමැති තනතුරක් වූ සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරි යනුවෙන් අලුතින් තනතුරක් ස්ථාපිත කර ඊට සිය පෞද්ගලික ලේකම්වරයා පත් කරන්නැයි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙලඹුවේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (21දා) නියෝග කළේය.
ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් 75,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියම කළේය.

චෝදනා පත්‍රය කියවා දීම සඳහා සැප්තැම්බර් මස 29දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට කළ නියෝගයේ සඳහන් වේ.
2011 සහ 2012 යන වසර දක්වා වූ කාලසීමාව තුළ සිවිල් ගුවන් සේවා අධිකාරි පනත යටතේ ස්ථාපිත කර නොතිබූ සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරි යනුවෙන් අලුතින් තනතුරක් ස්ථාපිත කරන ලෙසත් ඊට සිය පෞද්ගලික ලේකම්වරයා වන බාලමානගේ දයාවංශ නැමැත්තා පත් කරන්නැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලපෑම් කිරීම තුළින් පියංකර ජයරත්න ඇතුළු විත්තිකරුවන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් උදය රොහාන් ද සිල්වා සහ ශවීන්ද්‍ර ප්‍රනාන්දු යන ජනාධිපති නීතිඥවරු පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්