හබරණ නගරයේ ඛ්ඛ්ඊඍ කැමරා උදව්වෙන් ලක්ෂ 8ක තේක්ක ලී පන්නද්දී අල්ලයි

  👤  2940 readers have read this article !
By mawbima 2017-08-23

හිඟුරක්ගොඩ _ ප්‍රියා

හබරණ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය හේතුවෙන් ටිපර් රථයකින් රැගෙන යෑමට ගිය ලක්ෂ 8කට ආසන්න තේක්ක ලී තොගයක් හබරණ පොලිසිය විසින් පෙරේදා (21දා) අත්අඩංගුවට ගත් බව හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල කියයි. හබරණ නගරයේ ආරක්ෂක කැමරා පද්ධති මෙහෙයුම් මැදිරිය මඟින් නිරීක්ෂණය කරමින් සිටි නිලධාරියා එක්වරම දැක ඇත්තේ ටිපර් රථයක පටවන ලද ලී තොගයක් සමඟ හබරණ ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණෙන අයුරුයි.

ඒ පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් පසු වහාම ස්ථානාධිපතිතුමා දැනුවත් කිරීමෙන් පසු හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතා ඇතුළු පිරිසක් එම ටිපර් රථය ලුහුබැඳ ගොස් ත්‍රිකුණාමල මාර්ගයේ ගල් වංගුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම ටිපර් රිය පරීක්ෂා කිරීමෙන් පසු නීති විරෝධී ලෙස එම ලී තොගය කුරුණෑගල ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලයේ මූතුර් ප්‍රදේශයට රැගෙන යන බව ටිපර් රථයේ රියැදුරා සහ සහායකයා පවසා ඇත. මේ පිළිබඳ හබරණ පොලිසියේ ස්ථානාධිපති පවසා සිටියේ ආරක්ෂක පද්ධති හබරණ නගරයේ සවි කිරීමෙන් පසු ඒ ආධාරයෙන් අපරාධ රැසක් සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවක තොරතුරු සොයාගැනීමත් සමඟ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.

අත්අඩංගුවට ගත් ලී තොගය සහ ටිපර් රථයත් සැකකරුවන් දෙදෙනාත් ඊයේ (22දා) කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්