දෙසැම්බර් අග දක්වා දීර්ඝ කරන්නැයි අලි හිමියන් කළ ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

  👤  2920 readers have read this article !
By mawbima 2017-08-23

කේ.එස්. උදය කුමාර්

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනකු මහනුවර ඓතිහාසික දළදා පෙරහර ස¼දහා මුදාහරින්නැයි කෙරුණු අධිකරණ නියෝගය ලබන දෙසැම්බර් මස අග දක්වා තවදුරටත් දීර්ඝ කරන්නැයි අලි හිමියන් විසින් කළ ඉල්ලීම නීතිපතිවරයා ඊයේ (22දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විරෝධය පළ කර සිටියේය.

විධිමත් බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගෙන සිටියදී රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබූ අලි ඇතුන් 15 දෙනකු දළදා පෙරහර ස¼දහා පසුගිය 15 වැනිදා තෙක් රුපියල් මිලියන 10 බැගින් වූ බැඳුම්කර මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩා මහතා ඉකුත් දා නියෝග කර තිබිණි.

ඊයේ දින මෝසමක් ඉදිරිපත් කරමින් අලි හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් දිවයිනේ වෙනත් ප්‍රසිද්ධ විහාරස්ථානවලද පෙරහර කටයුතු ඉදිරි මාසවල පැවැත්වීමට නියමිතව ඇති නිසා එම පෙරහරවලද මෙම අලි ඇතුන් සහභාගි කරවීම සඳහා ඔවුන් මුදාහරිමින් දැනට නිකුත් කර ඇති නියෝගය ලබන දෙසැම්බර් මස අග දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ එම ඉල්ලීමට විරෝධය පළ කරන බවයි. අලි ඇතුන් මුදාහැරීමේ නියෝගය දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමේ ඉල්ලීමට එකඟවිය නොහැකි බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහෙත් ඉදිරි සති 03ක කාලයක් සඳහා මුදාහැරීමේ නියෝගය දීර්ඝ කීරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවද ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම අලි ඇතුන් මුදාහැරීමේ නියෝගය දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළද එම අලි ඇතුන් සහභාගි කරවීමට යන්නේ කුමන පෙරහරවල් සඳහාද යන්න අලි හිමිකරුවන් පැහැදිලි කර නොමැති බවද කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා මෙම මෝසම අද දින (23දා) කැඳවීමට නියම කළ අතර එම අවස්ථාවේ මෙම අලි ඇතුන් සහභාගි කරවීමට අපෙක්ෂා කරන පෙරහර කටයුතු පිළිබඳව විස්තර ඉදිරිපත් කරන ලෙස අලි හිමිකරුවන්ට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්