ස්විට්සර්ලන්ත සරසවි සිසුවියක දූෂණය කිරීමේ සිද්ධිය ත්‍රිරෝද රථ රියැදුරාගේ ඇප ඉල්ලීම ඉවතට

  👤  3146 readers have read this article !
By mawbima 2017-08-23

අනුරාධපුර -
ආනන්ද කරුණාදාස

විසි දෙහැවිරිදි ස්විට්සර්ලන්ත විශ්වවිද්‍යාල සිසුවියක් අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිරකර තබාගෙන බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින ත්‍රිරෝද රථ රියැදුරා ඇප මත මුදා හරින්නැයි නීතිඥයන් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළ අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් අද (23දා) දින තෙක් රිමාන්ඩ් කරන ලෙස ඊයේ (22දා) නියෝග කළේය.

තවදුරටත් මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර විජයපුර විජය මාවත ලිපිනයේ පදිංචි අනුරාධපුර නව බස් නැවතුම්පොළ ත්‍රිරෝද රථ රියැදුරෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මුල් බී වාර්තාව මඟින් කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමඟ මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය, තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිටිද්දී ත්‍රිරෝද රථ රියැදුරු විසින් පසුගිය ජූලි මස 26 වැනි දින අලුයම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇය සිරකර තබාගෙන දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවද පොලිසිය අධිකරණයට කීවේය.

තමා පැහැර ගෙන ගිය පුද්ගලයා කවුරුන්ද යන්න ස්ථිරවම ප්‍රකාශ කිරීමට එම ස්විස්ටර්ලන්ත තරුණියට නොහැකිවීම නිසා අනුරාධපුර නගරයේ වටරවුම්වල සවි කර ඇති සීසීටීවී කැමරා සියල්ල නිරීක්ෂණයට ලක් කර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර බැලූ බවත් අධිකරණයට දැනුම් දුන් පොලිසිය එම කැමරා දර්ශන පරීක්ෂා කර ඒ ආධාරයෙන් විදේශීය තරුණිය පැහැරගෙන ගිය ත්‍රිරෝද රථය සහ එහි රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ බවයි.
අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රවි පීරිස් මහතාගේ උපදෙස් මත අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න සහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරණතුංග මහතා ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් සැරයන් ලලිත් නන්දසේන (61486) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කී ඇතර සැකකරු වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්