පස් මස් වියැති බිලිඳු පිරිමි මළ සිරුරක් මහෙස්ත්‍රාත් ඉදිරියේ ගොඩගනී

  👤  3080 readers have read this article !
By mawbima 2017-08-23

තෙල්දෙණිය -
කේ. නිශ්ශංක, මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්

15 වියැති තරුණියක් විසින් උඩදුම්බර දිසා රෝහලේදී පසුගියදා 12දා මධ්‍යම රාත්‍රියේදී ප්‍රසූත කර වළලා දමා තිබුණු පිරිමි බිලිඳු මළ සිරුර තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච් පරික්ඩීන් මහතා ඉදිරියේදී උඩදුම්බර රෝහල් භූමියේදී පෙරේදා (21දා) සවස ගොඩගෙන ඇත.
උඩදුම්බර දිසා රෝහලේ හතරවැනි වාට්ටුව පිටුපස අඩියක් පමණ ගැඹුරැති වළකින් ගොඩගන්නා ලද මාස පහක් වයසැති පිරිමි බිලිඳු මළ සිරුර වෛද්‍ය පරීක්ෂණය සඳහා මහනුවර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.

ගාල්ල අහුන්ගල්ල ප්‍රදේශයේ සිට සිය මව හා පියා සමඟ උඩදුම්බර කන්දේගම ප්‍රදේශයේ සිටින නෑදෑ නිවෙසට පැමිණි අවස්ථාවේදී මෙම තරුණියට බඩේ අමාරුවක් සෑදී උඩදුම්බර දිසා රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී වෛද්‍යවරයකු මැයට ප්‍රතිකාර ලබාදීමෙන් පසු ප්‍රසූත කළ පිරිමි බිලිඳු මළ සිරුර වෛද්‍යවරයාගේ උපදෙස් මත රෝහලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු විසින් එම රෝහලේ හතරේ වාට්ටුව පිටුපස කොටසක වළලා දමා තිබිණි.
මෙම තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනාවරණය වූ තොරතුරු අනුව මහනුවර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පොලිස් ළමා කාර්යාංශයට දැනුම් දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්