මේ ආණ්ඩුව අපේ රට ලෝක බලවතුන්ගේ කෙළිමඬලක් කරලා

  👤  2988 readers have read this article !
By mawbima 2017-08-23

මේ ආණ්ඩුව ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව යන ලෝක බලවතුන් තිදෙනාගේ කෙළිමඬලක් බවට මේ රට පත්කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රිවරයා මේ අදහස් පළකළේ පුත්තලම මදුරන්කුලිය ඉසුර ශාලාවේදී පැවැති "සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව" සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.
මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

"ඉන්දියාව මත්තල ගුවන් තොටුපළ අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ වාණිජමය වාසියකට නොවෙයි. ඔවුන්ගේ යුද උපාය මාර්ගික වුවමනාව සපුරාගැනීමටයි. ඒකෙන් දීර්ඝකාලීනව බැට කන්න වෙන්නේ මේ රටේ අනාගත පරපුරටයි. හම්බන්තොට වරාය චීනයට දුන්නු මේ ආණ්ඩුව, දැන් මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න හදනවා.

හම්බන්තොට වරාය හදන්න සම්පූර්ණයෙන් වියදම් වුණේ කීයද..?
ඇමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් හයසිය හැත්තෑවයි. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදීම වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සියයක් ගෙවා අවසන් කළා. දැන් ගෙවන්න තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් එකසිය හැත්තෑවක් පමණයි.
වරාය අධිකාරිය පාඩු ලබන බංකොලොත් ආයතනයක් නෙමෙයි. නමුත් මේ ආණ්ඩුවට අවුරුදු විස්සක් තුළ මේ ණය මුදල ගෙවන්න බැහැ කියලයි හම්බන්තොට වරාය චීනයට දුන්නේ.

මේ ණය ගෙවාගන්න බැහැ කියලා රටේ අනගිතම ජාතික සම්පතක් චීනයට දුන්නු මේ ආණ්ඩුව, වසරකට කිරිපිටි සමාගම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක පමණ බදු සහන දෙනවා. පී්‍රමා නමැති පාන් පිටි සමාගමට වසරකට ඩොලර් මිලියන දෙසියයක පමණ බදු සහන දෙනවා.
මේ විදියට මේ බහු ජාතික සමාගම්වලට බදු සහන ලබා දුන්නාට එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. පාරිභෝගිකයාට කිසිදු සහනයක් නොලැබුණත් බහුජාතික කිරිපිටි, පාන්පිටි, සමාගම්වලට බදු සහන දෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සාක්කුවලට කොමිස් වැටෙන නිසයි.
මේ ලබාදෙන බදු සහන ඉවත් කළා නම් ආණ්ඩුවට වාර්ෂිකව ඩොලර් මිලියන තුන්සියයක් ලැබෙනවා. ඒ මුදලින් ඉතා පහසුවෙන් හම්බන්තොට වරායේ ණය මුදල ගෙවීමට ආණ්ඩුවට හැකිවෙනවා.

"ණය බර _ ණය බර" කියන මන්තරය ජප කරමින් මේ ආණ්ඩුව මේ රට ලෝක බලවතුන්ගේ කෙළි මඬලක් බවට පත්කිරීමේ න්‍යාය පත්‍රය දැන් තවත් වේගවත් කර තිබෙනවා. ඒ අනුව තමයි මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න හදන්නේ.

ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළේ වාණිජමය වටිනාකමක් තිබෙනවාද..? ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ඉන්පසු ජාතික ආරක්ෂක උපදේශක ධුරය දැරූ ශිව්ෂංකර් මෙනන් 2016 වර්ෂයේදී පොතක් එළි දක්වා තිබෙනවා. "ඛ්ඩධඪජඥඵ : ධ්දඵඪඤඥ බඩඥ ර්චඬඪදඨ ධට ධ්දඤඪචද ජ්ධපඥඪඨද ර්ථීධතඪජර" යන නමින්. එහි සඳහන් වෙනව, "ශ්‍රී ලංකාව, ඉන්දියාවේ කේරළයේ සිට සැතපුම් දාහතරක් දුරින් නවතා තිබෙන විශාල යුද ගුවන් යානා රඳවන නැවක්" වගෙයි කියලා.
ඉන්දියාවට, දකුණට සහ බටහිරට යන්න චෙන්නායි ගුවන් තොටුපළ තිබෙනවා. ඒ වගේම ඉන්දියාව තුළ අභ්‍යන්තර ගුවන් තොටුපළ ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් මත්තල ගුවන් තොටුපළ ගන්න යන්නේ වාණිජමය ලෙස බලා නෙවෙයි. යුද උපාය මාර්ගික වශයෙන් බලායි. මේ ආණ්ඩුව කරන්නේ චීනා හම්බන්තොට වරායේ ඉන්නකොට ඉන්දියාවට මත්තල ගුවන්තොටුපළ දීමයි.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්