මේ ආණ්ඩුවට අමු කැවිලා

  👤  3076 readers have read this article !
By mawbima 2017-08-23

ආණ්ඩුවේ ඉලක්කය වී ඇත්තේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ නොව නීතිපති දෙපාර්තමේන්තුව බවත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ රවිගේ සහ ඇලෝසියස්ගේ බැඳුම්කර කතාවට තිත තබා මේ මහා වංචාවේ උපදේශක හෙළි වීමට පෙර එය නතර කර දැමීම බව හිටපු රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22දා) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
විජේසේකර මහතා මෙසේද පැවැසීය.

අද වන විට ආණ්ඩුව කරන්නේ තමන්ට එන බාධාවන් එකින් එක අයින් කර දමා ඉස්සරහට යන්න උත්සාහ කරන එකයි. බොරුවෙන් රට ගෙන යෑමේ උත්සාහයේ එක් උත්සාහයක් මේ දිනවල සිදු වෙනවා.
යහපාලන ආණ්ඩුවේ තීරණවලට විරුද්ධ මතවාද ඉදිරිපත් කළා කියලා විජයදාස ගැන තීන්දුවක් ගන්නවලු. මෙහි ඉලක්කය විජයදාස නෙවෙයි. නිර්භයව සිය රාජකාරි කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවයි.

රවි කරුණානායකව තාවකාලිකවයි ඇමැති ධුරයෙන් ඉවත් කළේ. ඒ මාස තුනකට පමණයි. එජාපයට අවශ්‍ය බැඳුම්කර වංචාවට සම්බන්ධ උපදෙස් දුන්නු උපදේශකයා හෙළි වීම වැළැක්වීමයි.

එදා මෙදා තුර ඉතිහාසයේ සිදුවුණු අති දැවැන්ත මූල්‍ය වංචා සිදුකරන්න විදේශිකයෙක්ව ලංකාවට ගෙනත් රටේ වගකිවයුතු මහ බැංකුව වැනි ආයතනයක් ඔහු යටතට පත්කොට අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් දුන්න, කෙනා හෙළි වීම වැළැක්වීමයි එජාපයේ අරමුණ.

සිදුවුණු දැවැන්තම මූල්‍ය වංචාව විමර්ශනය වෙද්දි මහින්ද කරපු වංචා දූෂණ ගැන හොයන්න විශේෂ අධිකරණයක් අවශ්‍යලු මේවා විභාගයට.
ඔය විශේෂ අධිකරණය කියන භයානක අධිකරණය ජනතාවගේ සිත් තුළට ගේන්න හදන්නේ මහින්දට පමණක් නෙවෙයි රට ජාතිය බේරගත්ත රණවිරුවන්ටත් විරුද්ධවයි.රාජිත ඇමැතිවරයා කියනවා මහින්ද රාජපක්ෂ සමයේ සිදුවුණු වංචා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ විභාග කළ යුතුයි කියලා. මෙහෙම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් දේශපාලනඥයන්ගේ වුවමනාවට ඉල්ලන්න බැහැ. නීතිපතිගේ ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයාට පමණයි මෙය ක්‍රියාත්මක කළ හැක්කේ.
වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් දුක් වින්ද ජනතාවට නිදහස උරුම කර දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.මේ නිදහස රටට උරුම කරදුන් මහින්ද රාජපක්ෂගේ පවුල් පිටින් එෆ්.සී.අයි.ඩී. යට ගෙනියනවා.

අවුරුදු දෙකහමාරක් වෙලත් ඔය කළා කියන කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වුණා. මහින්ද වගේ රටට මෙහෙයක් කරපු කෙනෙක්ට පන්න පන්න පහර දෙන අයට කියන්න තියෙන්නේ එක දෙයයි. 'කළගුණ දන්නෙ නැති තිරිසනාගෙයි මනුෂ්‍යාගෙයි වෙනසක් නෑ' කියලා කතාවක් තියෙනවනේ. අද එජාපයත් මනුෂ්‍ය වේෂයෙන් ඉන්න තිරිසනුන් වගේයි.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ගුණදාස අමරසේකර
ලෝක බල අරගලය තුළ චීනය, ඉන්දියාව, ඇමෙරිකාව අපේ රට යුද පිටියක් කරගනීවි. රට යුද පිටියක් තියා මොකක් වුණත් මේ ආණ්ඩුවට කමක් නෑ.
ආණ්ඩුව කරන්නේ රටක් විනාශ කරලා දාලා, අපිවත් විනාශ කරලා ඔවුනුත් විනාශ වෙන එකයි.
ඇත්තටම කියනව නම් ආණ්ඩුවට අද වන විට අමු කැවිලා කිව්වොත් මා නිවැරැදියි.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්