වෙළෙඳ සේවා සය සාමාජික ක්‍රිකට් තරගාවලියේදී ඛ්ච්ඕ මූල්‍ය ආයතන කණ්ඩායමට ශූරතා දෙකක්

  👤  2964 readers have read this article !
By mawbima 2017-08-23

වෙළෙඳ සේවා විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ අවසාන තරගයේදී මැලිබන් ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කළ සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් (ඛ්ච්ඕ) කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය. තවද වෙළෙඳ සේවා ක්‍රිකට් 'ඩී' කාණ්ඩයේ තරගාවලියේදීද (පන්දු වාර 40) ශූරයන් බවට පත්වූ සී.ඩී.බී. (ඛ්ච්ඕ) කණ්ඩායම වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් මෙම වසරේදී පවත්වන ලද තරගාවලි දෙකකම ශූරතා දිනාගනිමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වා ඇත.
බැංකු නොවන මූල්‍ය අංශයේ සම්මානලාභී මූල්‍ය ආයතනයක් වන සී.ඩී.බී. ආයතනය ප්‍රථම වරට මෙම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියට මෙම වසරේදී අනුග්‍රාහකත්වය දැක්වූ අතර සුවිශේෂී දස්කම් දැක්වූ සී.ඩී.බී. කණ්ඩායමේ ඩබ්ලිව්. පී.ඩී.පී. ධර්මසිරි තරගාවලියට අදාළ සම්මාන පහෙන් තුනක් දිනා ගනිමින් කැපී පෙනුණි. එනම් තරගාවලියේ හයේ පහරවල් 13ක් එල්ල කරමින් වැඩිම හයේ පහර වාර්තා කළ ක්‍රීඩකයා ලෙසත් හොඳම පිතිකරු සහ තරගාවලියේ වීරයා ලෙසත් ඔහු සම්මානයට පාත්‍ර විය. කෙසේ වෙතත් අවසන් තරගයේ වීරයා සම්මානය දිනාගන්නා ලද්දේ සී.ඩී.බී. කණ්ඩායමේ බුද්ධික සිල්වා විසිනි.

තරගාවලියට අදාළ ත්‍යාග ප්‍රදානය සිදු කරන ලද්දේ තරග කමිටුවේ සභාපති සුජීව ද සිල්වා, සි.ඩී.බී. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) හසිත දසනායක, එහි අධ්‍යක්ෂ සහ ප්‍රධාන ණය නිලධාරි සසීන්ද්‍ර මුණසිංහ, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නිරාන් මහවත්ත, එම ප්‍රධාන ලේකම් නලීන් වික්‍රමසිංහ යන මහත්වරුන් විසිනි. ශූරතාව දිනාගත් කණ්ඩායම සමඟ ත්‍යාග ප්‍රදානය සිදු කළ ආරාධිත පිරිස ඡායාරූපයේ වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්