ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතා තරගාවලිය මිනුල් සහ සයුනි ශූරතා දිනති

  👤  2905 readers have read this article !
By mawbima 2017-08-23

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ජාතික චෙස් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ මිනුල් සංජුල ‍ෙදාළුවීර සමත්විය.

මෙම තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ (කාන්තා කැන්ඩිඩේඩ් මාස්ටර්) සයුනි ගිහංසා ජයවීර සමත් වූවාය. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති මෙම තරගාවලියට දිවයිනේ දක්ෂතම චෙස් ක්‍රීඩකයන් 14 දෙනෙක් සහ දක්ෂතම චෙස් ක්‍රීඩිකාවෝ 14 දෙනෙක් සහභාගි වූහ.
කොළඹ රාජකීය විද්‍යාලයේ මිනුල් සංජුල ‍ෙදාළුවීර තරග වට 13කදී ලකුණු 9.5ක් හිමිකර ගනිමින් ජාතික ශූරයා බවට පත්වූ අතර, තරග වට 13කදී ලකුණු 8ක් හිමිකරගත් කොළඹ විශ්ව විද්‍යාලයේ උදිත් ජයසුන්දරට අනු ශූරතාව හිමිවිය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සයුනි ගිහංසා ජයවීර සහ 2014 සහ 2015 වසරවල ජාතික ශූරියවූ කොළඹ විශාකා විද්‍යාලයේ දසුනි හංසිකා මෙන්ඩිස් තරග වට 13කදී ලකුණු 10ක් බැගින් හිමිකරගත්හ. සයුනි ගිහංසා ජයවීර සහ දසුනි හංසිකා මෙන්ඩිස් අතර තරගයේ ජය හිමිකරගත් සයුනි ගිහංසා ජයවීරට ශූරතාව හිමිවිය.

ඉෂාන් රශමිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්