අන්තර් සමාගම් බැඩ්මින්ටන් තරගාවලියේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මාස් හෝල්ඩින්ස්ට

  👤  2909 readers have read this article !
By mawbima 2017-08-23

ශ්‍රී ලංකා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලැබූ අන්තර් සමාගම් යුගල කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ ග්‍රෑන්ඩ් ස්ලෑම් (Grand Slam) ශූරතාව දිනාගැනීමට මාස් හෝල්ඩින්ස් "ඒ" සමත්විය.

කණ්ඩායම් 55කින් තරගකරුවන් හා තරගකාරියන් 600කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරගාවලියේ ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරගය සඳහා මාස් හෝල්ඩින්ස් "ඒ" හා මැක්ලරන්ස් "ඒ" කණ්ඩායම් සුදුසුකම් ලබා තිබිණි.

කෙසේ වෙතත් නේෂන්ස් ට්‍රස්ට් බැංකු කණ්ඩායම පරාජය කළ මැක්ලරන්ස් "බී" කණ්ඩායම කුසලාන ශූරතාව දිනාගත් අතර බ්‍රැන්ඩික්ස් "ඒ" කණ්ඩායම පරාජය කරමින් ඩයලොග් ආසියාටා පී.එල්.සී. "ඒ" කණ්ඩායම පළඟ ශූරතාව දිනාගනු ලැබීය.

ජනශක්ති ඉන්ෂුවරන්ස් කණ්ඩායම පරාජය කරමින් අයි.එෆ්.එස්. ලංකා බඳුන ශූරතාව දිනාගත් අතර, අබාන්ස් පී.එල්.සී. කණ්ඩායම පරාජයට පත්කළ CDB(Citizen Development Business Finace)කණ්ඩායමට අනුශූරතාව හිමිවිය.

මාස් හෝල්ඩින්ස් කණ්ඩායම ශූරතා කුසලානය සමඟින්. වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති මෝදිත ජයසේකර, අක්සෝ නෝබෙල් (Akzo Nopel) අලෙවි ප්‍රධාන රංජිත් පෙරේරා, Captain Sportsහි කළමනාකාර අධ්‍යක්‍ෂ සුජීව හේරත් හා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඡායාරූපයේ සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්