මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ ගබඩාවට සොරුන් ඇතුළු වූ බවට පොලිසියට පැමිණිල්ලක්

  👤  3264 readers have read this article !
By mawbima 2017-09-13

මාතර- උදය කුමාර රණවීර

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ තැන්පත් කර ඇති කාමරයට සොරුන් ඇතුළු වී ඇති බවට මාතර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මෙම සිද්ධිය කවදා සිදුවූයේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

පෙරේදා (11දා) මේ ගබඩා කාමරයට සොරුන් ඇතුළු වී ඇති බවට ලද පැමිණිල්ල අනුව නඩු භාණ්ඩ හා ලේඛන පරීක්ෂා කිරීම මේ වනවිටත් සිදුවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මාතර කොටුව ඇතුළත පිහිටා ඇති ඉතා ආරක්ෂාකාරී ස්ථානයකි. එක් පසකින් යුද හමුදා කඳවුරක් සහ අනෙක් පසින් බන්ධනාගාරය පිහිටා ඇත. නිරතුරුවම පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අධිකරණ පරිශ්‍රයේ රාජකාරියේ යෙදී සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්