මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර අපේක්ෂකයන්ට පුහුණු වැඩසටහනක්

  👤  3357 readers have read this article !
By mawbima 2017-09-13

ආරියරත්න ගනේගොඩ

මාර්ග රිය අනතුරු අවම කිරීම සඳහා යතුරුපැදිලාභී ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම හා ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර අපේක්ෂකයන් සඳහා අඛණ්ඩ පුහුණු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.
සෑම පළාතකම පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් මාර්ග ආරක්ෂණ ඒකක මඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

මාර්ග අනතුරු නිසා දිනපතා පුද්ගලයන් අටදෙනකු පමණ මාර්ගය මත මියයන අතර 20කට ආසන්න පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩගේ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්