උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකිනවා

  👤  3260 readers have read this article !
By mawbima 2017-09-13

සිදත් මෙන්ඩිස්

උතුරු කොරියාව පසුගිය 3දා කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ උල්ලංඝනය කරන බවත් සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව ඉදිරියේදී මෙවැනි අත්හදා බැලීම්වලින් වැළකී සිටින ලෙසට උතුරු කොරියාවට බලකර සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සන්දේශවලට අනුකූලව කටයුතු කළ යුතුයි. එමෙන්ම සාකච්ඡා ආරම්භ කර ගැටලුවලට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා ක්‍රියා කළ යුතුයි. සාකච්ඡා කිරීමෙන් සාමය උදාකරගත හැකි අතර එය උතුරු කොරියාවේ සහ කලාපයේ රටවල ජනතාවගේ සුබසිද්ධියට සහ සෞභාග්‍යයට හේතුවනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්