අත්හිටවූ සිර දඬුවම් නියම වූ අයකු ගබඩාවක් බිඳ බඩු සොරකම් කරලා අවුරුදු 3 ½ක සිරදඬුවමක්

  👤  3257 readers have read this article !
By mawbima 2017-09-13

අමිල අබේරත්න

අත්හිටුවූ සිර දඬුවම් නියමව සිටියදී ගබඩාවක් බිඳ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකුට වසර 2ක බරපතළ වැඩ සහිතව සහ අවුරුදු 1½ක සරල වැඩ සහිතව අවුරුදු 3 ½ක සිරදඬුවමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියම කළාය. අත්හිටුවූ සිරදඬුවම නැවත ක්‍රියාත්මක කරමින් මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කළ අතර ගබඩාවක් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වසර 1 ½ක සරල වැඩ සහිත සිරදඬුවම නියම කරනු ලැබිණි.

අත්හිටුවූ සිරදඬුවම් නියම වී ඇත්තේද භාණ්ඩ සොරකම් කිරීමේ නඩුවක් සඳහාය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් විත්තිකරුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්