ජන හඬට කන් නොදුන්නොත් වෙල්ලස්සේ සටනක් යළි අරඹනවා

  👤  3359 readers have read this article !
By mawbima 2017-09-13

ජනතා හඬට කන් නොදී සිංගප්පූරු ගැසල් වෙන්චර්ස් නමැති බහුජාතික සමාගමකට උෟව - වෙල්ලස්ස හා බින්තැන්නේ ඉඩම් අක්කර 62,500ක් උක් වගාවක් සඳහා ලබාදීමට ක්‍රියා කළහොත් උෟව - වෙල්ලස්ස බේරාගැනීමේ දෙවැනි අරගලය අතිශය ප්‍රජාතන්ත්‍රවාදීව ආරම්භ කරන බව උෟව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැ¼දවුම්කරු උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

ඒ මහතා මෙලෙස ප්‍රකාශ කළේ උක් වගාවක් සඳහා බලහත්කාරයෙන් ඉඩම් ලබාගන්නා ඇකිරියන්කුඹුර දෙහිගම ප්‍රදේශයේ සීනි කර්මාන්තශාලාව ආරම්භ කිරීමට සැරසෙන භූමි භාගයේ එළිමහන් බිම් කඩක ඉදිකළ අට්ටාලයක් තුළ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
හෙතෙම එහිදී මෙසේද කීය.

මේ පාලකයෝ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මහින්ද මහත්තයාට ගෙදර යන්න වුණෙත් ජනතාවට කන් නොදීම නිසයි. හිතුවක්කාර වුණු නිසයි. පරදින්නෙම නෑ කියලා හිටිය මහින්ද මහත්තයත් පැරදුණා. මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒවා තේරුම් ගත යුතුයි. මහජනතාවගේ හඬට කන්දිය යුතුයි. අපි ඒකරාශී වෙලා හඬ නඟනවා. ඒ හඬට කන් දෙන්නෙ නැත්තම් උෟව - වෙල්ලස්ස බින්තැන්න තෙපළාතේ මහා සංඝරත්නය අස්සන් කරන පෙත්සමක් සූදානම් කරනවා. සංඝ සමුළුවක් කැඳවලා සංඝ ආඥාවක් නිකුත් කරනවා. ආණ්ඩුව අද හෙටම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා නම් අපි බහුජාතික සමාගමකට ජනතාවගේ ඉඩම් දෙන්නේ නෑ කියලා. ජනතාවට වගාකරන්න ඉඩම් දෙනවා කියලා එහෙම නම් අපි සලකා බලන්න සූදානම්. එහෙම නොවුණොත් ඔබතුමාලට සලකන්න අපි සූදානම්.

අපි ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා එක බිම් අඟලක්වත් බහුජාතික සමාගම්වලට දෙන්න අපි ඉන්න තුරා ඉඩ දෙන්නේ නෑ. වහාම හකුළ ගන්න කියලා. ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

හයිය හත්තිය තිබුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලෙත් බහුජාතික සමාගම් කිහිපයක්ම ආවා උක්වගාව පටන් ගන්න, අපි එතැනදිත් අරගල කරලා ඒ සමාගම් පැන්නුවා. එහෙව් එකේ හයිය නැති මෛත්‍රි - රනිල් ආණ්ඩු කාලේ අරගල කරලා මේ සමාගම පන්නන එක ගැටලුවක් නෑ.

බහුජාතික සමාගම්වල ඩොලර්, පවුම්, යෙන්වලට යට වෙලා සොයිසලා, ලක්ෂ්මන්ල, දයා ගමගේලාට ජනතාව අමතක වෙලා. දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි ඉහළ නිලධාරීන්ටත් බහුජාතික සමාගම් හෝටල්වලට අරන් ගිහින් හොඳට සලකනවා. ඒ අය සමාගම්වලට සලකලා ගොවීන්ට ලියුම් ගහනවා ඉඩම්වලින් ඉවත්වෙන්න කියලා.
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි මේ අවනඩුව ඉක්මනට බේරාගන්න ඕන. පොළොවත් එක්ක හැප්පිලා ජීවත්වෙන ගොවියට ඉඩම නැති වුණා කියන්නේ ජීවිතයත් නැති වුණා වගෙයි. ඒ නිසා ඉඩම රැකගත යුතුයි.

උක්වගා කරලා ජනතාවට දියුණු වෙන්න පුළුවන්ද..? අද කන්තලේ ජනතාවට උන්හිටිතැන් නෑ. 1994 කන්තලේ සීනි කම්හල වැහුවා. පැල්වත්ත, සෙවණගල, හිගුරාන පණ අදිනවා. ආයෝජකයෝ එනවා. බෑ කියලා අතහරිනවා. දෙහිගමටත් කවදා හරි වෙන්නේ ඒ දෙයමයි.

ලංකාවේ ලොකුම ස්කාගාරය තමයි මේ හදන්න සූදානම් වෙන්නේ. අවුරුද්දට මද්‍යසාර ලීටර මිලියන දහයක් හදන්නයි මේ සූදානම.

පදියතලාව - චන්දන කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්