ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් බංගලා වෙන් කරගන්න අන්තර්ජාලය හරහා ‘ඉ’ සේවාවක්

  👤  3530 readers have read this article !
By mawbima 2017-09-13

හර්ෂණී අර්සකුලරත්න

දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සංචාරක බංගලා වෙන් කර ගැනීමත් මුදල් ගෙවීමත් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට දේශීය සහ විදේශීය සංචාරකයන්ට අවස්ථා උදාවන පරිදි "ඉ" සේවාවක් සපයා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. මේ සේවාව හඳුන්වා දීමට පෙර බංගලා වෙන් කර ගැනීම සඳහා කාර්යාල දිනවලදී කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ කලාප කාර්යාල වෙත පැමිණීමට සංචාරකයන්ට සිදු විය. ගාස්තු ගෙවීම සිදු කිරීමද මුදල්වලට පමණක් සීමා විය.

එහෙත් නව "ඉ" සේවාව හඳුන්වාදීමත් සමඟම ඹඹඹ.ථචඩචඹඥතඪ.ඨධම.තඬ සහ ඹඹඹ. ඨධම.තඬ යන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී බංගලා වෙන් කර ගැනීමත් ණයවර පත් (ඛ්පඥඤඪබ ඛ්චපඤ) භාවිතයෙන් මූල්‍ය ගෙවීම සිදුකිරීමටත් හැකිවේ.

මේ නව "ඉ" - සේවාව නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පසුගියදා මහවැලි බී කලාපයේ නවීකරණය කළ රුහුණු කෙත සංචාරක නිවාස පරිශ්‍රයේදී සිදුවිය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon