මාර්ග විනය කඩා වැටීමට මූලික හේතුව රථවාහන පොලිසියේ දූෂණයි

  👤  3264 readers have read this article !
By mawbima 2017-09-13

උදයන්ති මුණසිංහ

රටේ මාර්ග විනය කඩා වැටීමට මූලික හේතුව රථවාහන පොලිසියේ දූෂණය බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ සඳහන් කරයි.
රථවාහන පොලිසිය අය කරන දඩ මුදල්වලින් සියයට අසූවක් (80%) පොලිසියේ නිලධාරීන්ගේ දූෂණයට හසුවී එම මුදල් රජයට අහිමි වන බවත්, හෙතෙම සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් මේ වන විට සිදු කිරීමට යන දඩ මුදල් සංශෝධනයේ අගය පිළිබඳව කිසිදු පැහැදිලිතාවක් නැති අතර, එහි විවිධ තැන්වල විවිධ අගයන් සඳහන් කර තිබෙන බවත් ඔහු පැවැසුවේය.

රථවාහන සංගම් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සාකච්ඡාවට ලක් නොවුණු දඩ මුදල් සංශෝධන රැසක් එයට ඇතුළත්ව තිබෙන අතර, "අන් අය නොසලකා රිය ධාවනය" වැනි වැරැදි යනු කුමක්දැයි තම සංගමයවත් නොදන්නා බව ඔහු පැවැසුවේය.

ඇතැම් පොලිස් නිලධාරීන් දූෂණ සිදුකරමින් සුඛෝපභෝගී ජීවිත ගතකරන බවත්, අලුතින් සිදු කිරීමට යන දඩ මුදල් සංශෝධනය මඟින්ද එම දූෂණ අධික ලෙස ඉහළ යෑමක් මිස පහළ යෑමක් සිදු නොවන බවත් හෙතෙම සඳහන් කරයි.

පොලිසිය නීතිය තමන්ට ඕනෑ ආකාරයට අර්ථකථනය කරමින් 95%ක් දඩ අය කර ගන්නේ යතුරුපැදි හා ත්‍රිරෝද රථවලින් පමණක් බවත්, දූෂණය තුරන් කරමින් දුප්පතුන්ට සහන ලබා දෙනවා යැයි බෙර ගසමින් බලයට පැමිණි යහපාලන රජය එය ඉටුකිරීමට තවමත් අපොහොසත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්