ජනාධිපතිගේ උපදෙසින් පාසල් පරිශ්‍රයට පරිසර නියමු පස් වස් සැලැස්මක්

  👤  3249 readers have read this article !
By mawbima 2017-09-13

ආරියරත්න ගනේගොඩ

පරිසර නියමු වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ උපදේශකත්වයෙන් පස් අවුරුදු ක්‍රියාකාරී වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවැසීය.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මඟින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලාංකේය පුරවැසියා පරිසර හිතකාමී සංවේදී පුරවැසියන් බවට පත් කරලීම සඳහා පරිසර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ඵලදායීි වැඩසටහනක් බවට මෙය පත්කරන බවද සභාපතිවරයා පැවැසීය. 1984 වසරේදී කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ සිසුන් 25 දෙනකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් ආරම්භ කළ මේ වැඩසටහන අද මෙරට පාසල් දහස් ගණනක ක්‍රියාත්මක වෙමින් පවතින අතර සෑම වසරකම පරිසර නියමු කඳවුරු පැවැත්වීද සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්