නීති අධ්‍යාපනයේ ප්‍රවර්ධනයට නව යෝජනා මාලාවක්

  👤  3326 readers have read this article !
By mawbima 2017-09-13

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මෙරට නීති අධ්‍යාපනයට ඇති අවස්ථා වැඩි කිරීම සහ නීති අධ්‍යාපනයේ අනාගත ප්‍රවර්ධනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් නව යෝජනා මාලාවක් එළිදැක්වීම පසුගිය දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.

වර්තමානයේ මෙරට ජනගහනයට සාපේක්‍ෂව සිටිය යුතු නීතිඥවරුන් සංඛ්‍යාව අවම මට්ටමක පැවතීම හා නීති අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමෙන් බිහිවන නීතිඥයන් හරහා ශ්‍රී ලංකාවේ නීති සේවාවේ අවශ්‍යතාව හොඳින් සපුරා ගැනීමේ අරමුණින් මෙම නව යෝජනා මාලාව එළිදැක්විය.

ඒ අනුව ප්‍රාදේශීය උසාවිවල සිටින දක්‍ෂ නීතිඥවරුන් මානව සම්පත් ලෙස යොදාගෙන දිස්ත්‍රික්කයේ නීති අධ්‍යාපන ආයතන බිහිකිරීම, නීති අධ්‍යාපනය සඳහා නව විෂයන් හඳුන්වාදීම, සියලුම ප්‍රාදේශීය නීති අධ්‍යයන ආයතනවල විභාග ශ්‍රී ලංකා විභාග කොමසාරිස් හා ශ්‍රී ලංකා නීති අධ්‍යයන සභාවේ සෘජු අධීක්‍ෂණය යටතේ පවත්වමින් නීති අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැක ගැනීම ආදී ක්‍ෂේත්‍ර කිහිපයකටම අදාළ යෝජනා කිහිපයක්ම මේ නව යෝජනා මාලාවට ඇතුළත් වෙයි.

මෙය තවමත් රජයේ ප්‍රතිපත්තියක් නොවන බවත් මෙරට අනාගත නීති අධ්‍යාපනයේ වර්ධනය සඳහා යොදා ගත හැකි සාකච්ඡාවට හා අවධානයට බඳුන්විය යුතු යෝජනා මාලාවක් පමණක් බවත් මේ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්