නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ අකලංකගෙන් තවත් පදක්කමක්

  👤  3327 readers have read this article !
By mawbima 2017-09-13

උස්බෙකිස්තානයේ ටෂ්කෙන්හි මේ දිනවල පැවැත්වෙන 9 වැනි ආසියානු වයස් සීමා පිහිනුම් තරගාවලියේ මේ වනවිට රන් පදක්කම් දෙකක් දිනා ඇති අකලංක පීරිස් මීටර් 100 පසුපස ආර ඉසව්වේදී තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලංකාව දිනාගත් පදක්කම් තුනෙහිම (රන් දෙකක් හා රිදී එකක්) අයිතිය අකලංකට හිමිවී තිබීමද විශේෂත්වයකි.
එහිදී අකලංක එම ඉසව්ව (මීටර් 100 පසුපස ආර) තත්.56.99කදී අවසන් කරමින් රිදී පදක්කම දිනාගත් අතර, එහි රන් පදක්කම තත්.56.97කදී අවසන් කළ ජපාන ක්‍රීඩකයා සතු විය. අකලංක වාර්තා කළ මෙම කාලයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසද පිළිගැනිණි.
කෙසේ වෙතත් මෙම තරගාවලියේදී මීටර් 50 සමනළආර, මීටර් 50 පසුපස ආර ඉසව්වන්ගෙන් මේ වනවිටත් රන් පදක්කම් දෙකක් දිනා ඇති අකලංකගේ එම කාලයන්ද නව ශ්‍රී ලංකා වාර්තා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

මේ අතර මෙම තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් රෙවාන් සේනාරත්න මීටර් 200 සමනළ ආර ඉසව්ව වි:2.17කදී අවසන් කරමින් සිවුවැනි ස්ථානයද, අවුරුදු 15-17 වයස් සීමාවේ තරගාවලිය සඳහා එක්ව සිටින අල්වින් අලුර්මරන් මීටර් 50 නිදහස් ආර ඉසව්ව තත්. 25.46කදී අවසන් කරමින් 6 වැනි ස්ථානයද දිනාගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්