සර් ජෝන් කොතලාවලට අනු ශූරතා දෙකක්

  👤  3247 readers have read this article !
By mawbima 2017-09-13

විචිත්‍ර වීරසිංහ
නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධායකත්වයෙන් පැවැති සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලියේ සමස්ත බාලිකා අනු ශූරතාව හා මිශ්‍ර පාසල් සමස්ත අනු ශූරතා පිළිවෙළින් ලකුණු 66ක් හා ලකුණු 79ක් ලබාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලට හිමි වූ අතර, සමස්ත බාලක අනුශූරතාව ප්‍රසාද ලකුණු 71ක් ලබාගත් මීගමුව මාරිස්ටෙලා කණ්ඩායමට හිමිවිය.

තවද බාලිකා තෙවැනි ස්ථානය ලකුණු 42ක් ලබාගත් රත්නපුර සුමන බාලිකා විදුහල් කණ්ඩායමට හිමිවූ අතර, බාලක තෙවැනි ස්ථානය ලකුණු 60ක් ලබාගත් වලල රත්නායක විදුහලටත්, ලකුණු 64ක් ලබාගත් පන්නිපිටිය ධර්මපාල විදුහල් කණ්ඩායමට මිශ්‍ර පාසල් සමස්ත ශූරතාවත් හිමිවී තිබිණි.

ඡායාරූප _ නුවන් අමරවංශ

 

බාලක

අවුරුදු 12න් පහළ
1. මහනුවර ත්‍රිත්ව - ලකුණු 20, 2. මීගමුව මාරිස්ටෙලා ලකුණු 14, 3. මාතර රාහුල ලකුණු 05
අවුරුදු 14න් පහළ
1. බම්බලපිටිය ශා.පීතර _ 22, 2. මාතර රාහුල ලකුණු 16, 3. කොළඹ ශා. ජෝෂප් ලකුණු 15
අවුරුදු 16න් පහළ 1.පන්නිපිටිය ධර්මපාල ලකුණු 30, 2. මහනුවර ත්‍රිත්ව ලකුණු 15, 3. ගල්කිස්ස ශා. තෝමස් ලකුණු 14
අවුරුදු 18න් පහළ 1. ශා. බෙනඩික් ලකුණු 38, 2. වලල රත්නායක ලකුණු 25, 3. කොළඹ රාජකීය ලකුණු 21
අවුරුදු 20න් පහළ
1. මීගමුව මාරිස්ටෙලා ලකුණු 41, 2. බෙනඩික් ලකුණු 29, 3. වලල රත්නායක ලකුණු 23

බාලිකා
අවුරුදු 12න් පහළ
1. මීගමුව ආවේ මරියා කන්‍යාරාමය _ ලකුණු 15, 2. මහනුවර මහාමායා ලකුණු 14, 3. පන්නිපිටිය ධර්මපාල ලකුණු 10
අවුරුදු 14න් පහළ
1.නාවල ජනාධිපති බාලිකා _ ලකුණු 27, 2. මහඋස්සාවැව ශ්‍රී රත්නපාල මහ විදුහල ලකුණු 17, 3. රත්නපුර සුමන බාලිකා ලකුණු 14
අවුරුදු 16න් පහළ 1.කුරුණෑගල ජෝන් කොතලාවල ලකුණු 37,
2. වලල ඒ. රත්නායක ලකුණු 20, 3. මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමය ලකුණු 12, පන්නිපිටිය ධර්මපාල ලකුණු 12
අවුරුදු 18න් පහළ
1. වලල රත්නායක ලකුණු 45, 2. කුරුණෑගල සර් ජෝන් කොතලාවල 29, 3. කොළඹ මියුසියස් ලකුණු 21
අවුරුදු 20න් පහළ
1. වලල රත්නායක ලකුණු 47, 2. අඹගමුව මධ්‍ය විදුහල ලකුණු 31, 2. රත්නපුර සුමන බාලිකා ලකුණු 21

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්