සතිපොළ නිවහන කරගත් පාදයක් අහිමි දියවැඩියා රෝගියා කෘත්‍රිම පාදයක් ඉල්ලයි

  👤  2956 readers have read this article !
By mawbima 2017-09-14

දියවැඩියා රෝගය උත්සන්න වී සිහිසුන්ව නිවෙසේ ඇවිළෙමින් තිබූ ළිපකට වැටී තම දකුණු පාදය බරපතළ ලෙස පිලිස්සීමේ හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා එම පාදය කපා දැමීමෙන් පසු දැන් කිසිවක් කරකියාගත නොහැකිව සිටින අවිවාහකයෙක් තමන්ට කෘත්‍රිම පාදයක් හෝ ලබාදීමට පිහිටක් වන ලෙස ජනතාවට කාරුණික ආයාචනයක් කර සිටී.
‍ෙදාන් ෆීලික්ස් ඇන්ටනි අප්පුහාමි (58)වන මොහු අවිවාහකයකු වන අතර ඥාති හිතවතුන් කිසිවකු නොමැතිව අද ඔහු ලුණුවිල සතිපොළ තම නිවහන කරගෙන හැඬ­ූ කඳුළෙන් ජීවත් වේ.

මුලදී දුම්රිය ගේට්ටුකරුවකු ලෙස සේවය කර ඇති ඔහුට මේ කනගාටුදායක ඉරණමට මුහුණදීමට සිදුව ඇත්තේ සිහිසුන්ව ළිපකට ඇද වැටී දණහිසට පහළ සම්පූර්ණ පෙදෙස පිලිස්සීයෑම නිසා බව පවසන්නේ දැඩි වේදනාවෙනි.

කෘත්‍රිම පාදයක් හෝ සවි කරගත හැකි නම් අනුන්ට අත නොපා කුමන හෝ සුළු රැකියාවක නිරත විය හැකි බව අවධාරණය කර සිටින ඔහුට කියා ස්ථිර ලිපිනයක්, නිවහනක් නොමැති හෙයින් ඔහුගේ ජංගම දුරකතන අංකය වන 0778971628ට හෝ අමතන ලෙස ඔහු අයැද සිටී. කෘත්‍රිම පාදයක් ලබාගැනීමට මේ වන විට ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට හා දන්නා හඳුනන සැමටම කීවත් පලක් වී නැතැයි කියන ඇන්ටනි අප්පුහාමි මහතා හරි අඩක් කපා ඇති තම දකුණු පාදය දෙස බලමින් කඳුළු සලන අන්දම දකින ඕනෑම අයකුගේ හදවතට ඇති වන වේදනාවට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැත්තේ මන්දැයි දෛවයෙන් ප්‍රශ්න කර සිටී.

ඉතාලිය ඇතුළු විදේශ රටවල තම හිතවතුන් කීපදෙනෙක්ම සිටින හෙයින් ඔවුන්ගෙන් හෝ තමන්ට පිළිසරණක් සිදු වෙතැයි දැඩි විශ්වාසයකින් පසුවේ. වෙන්නප්පුව කොමර්ෂල් බැංකු ශාඛාවේ ඔහු නමින් විවෘත කර ඇති ගිණුම් අංකය 8260035328 බවද ඔහු කියා සිටී.

ලුණුවිල - රෝස් කොලින්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්