හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් හදිසියේ ගිනි අරන්

  👤  3009 readers have read this article !
By mawbima 2017-09-14

හම්බන්තොට _ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක ඊයේ (13දා) පෙරවරුවේ හදිසියේ ඇතිවූ ගින්නකින් යාත්‍රාව විනාශ වී තිබේ.
මෙසේ ගින්නට හසුව විනාශ වී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් "දිනුජ" නමැති බහුදින ධීවර යාත්‍රාවකි. මෙම යාත්‍රාව පසුගිය මස 17 වැනිදා තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් නෙළා ගත් මත්ස්‍ය අස්වැන්න ගොඩට ගෙන ඒම සඳහා හම්බන්තොට ධීවර වරායට ඇතුළු කර නවතා තිබී ඇත.

ගින්න හටගත් අවස්ථාවේ එහි එක් කම්කරුවකු වතුරට පැන දිවි බේරාගෙන තිබේ. හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් ආදාළ අංශ දැනුවත් කර හම්බන්තොට පොලිසිය, නාවික හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව ධීවරයන්ගේද සහයෝගයෙන් ගින්න නිවා දමා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්