මිල අධික තිළිණ එපා ඒ මුදල පුණ්‍ය කටයුතුවලට යොදවන්න

  👤  3064 readers have read this article !
By mawbima 2017-09-14

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ඉදිරියේදී තමන් සහභාගි වන උත්සවවලදී තමා වෙත සමරු තිළිණ ලබාදීමට කටයුතු නොකරන ලෙසත් ඒ සඳහා වැය කරන මුදල් අදාළ ප්‍රදේශයන්හි පුණ්‍ය කටයුතු සඳහා යොදවන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සව සංවිධාන කරන දිවයිනේ සියලුම සංවිධායකවරුන්ට උපදෙස් දෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන උත්සව අවස්ථාවන් අවසානයේදී එම උත්සව සභාවට පැමිණීම නිමිති කරගෙන අග්‍රාමාත්‍යවරයා වෙත ඉහළ මිල ගණන්වලින් යුතු සමරු තිළිණ ප්‍රදානය නොකර ඒ සඳහා වැය කරන මුදල අදාළ ප්‍රදේශයන්හි පුණ්‍ය කටයුත්තක් සඳහා යොදවන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංවිධායකවරුන් වෙත දන්වා තිබෙන බව "මව්බිම"ට දැනගන්නට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්