සැකකරුවන්ගේ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි නීතිඥයන් කළ ඉල්ලීම ඉවතට

  👤  3004 readers have read this article !
By mawbima 2017-09-14

අනුරාධපුර - ආනන්ද කරුªණාදාස

යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයකු සහ හිටපු සෙබළුන් දෙදෙනකු විසින් යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරියක වන සහ හමුදා සෙබළුන් තිදෙනකුගේ මවක වන 50 හැවිරිදි කාන්තාවක් අධික ලෙස බීමත්ව රංචු ගැසී වරින් වර බරපතළ ලෙස සමූහ දූෂණයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇප මත මුදා හැර සිටින සැකකරුවන්ගේ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි කළ ඉල්ලීමක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් එන්.ජේ. ප්‍රභාකරන් මහතා ඉවත දැමීය.
මෙම අපරාධය පිළිබඳව පොලිසිය පවත්වා ඇති විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යවන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරුවරයා මීට පෙර හොරොව්පොතාන පොලිසියට නියෝග කර ඇත.

කැ¼දවීම් සිතාසි ලද පසුව මින් ඉදිරියට අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර හිටපු හමුදා සාමාජිකයන්ට තවදුරටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙම අපරාධයට අදාළ නඩුව කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීම අවසන් කොට එම නඩුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කිරීමට නියෝග කෙරිණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකු වන මාතලේ මඩහාපොළ ස්ථීර ලිපිනයේ සහ හොරොව්පොතාන පරන්ගියාවාඩිය නබඩවැව තාවකාලික ලිපිනයේ කේ. ඒ. සුමිත් විජේරත්න, හිටපු හමුදා සෙබළුන් වන අනුරාධපුර විහාරපාළුම ලිපිනයේ පී. ලලිත් ගුණරත්න සහ කුරුණෑගල _ හිදගොල්ල ළිඳපිටියවත්ත ලිපිනයේ ඩබ්.ඒ. උදය ශාන්ත ප්‍රේමදාස යන සැකකරුවන්ටය.
සැකකරුවන් නොච්චියාගම ළිඳවැව යුද හමුදා කඳවුරේ සක්‍රිය සේවයේ යෙදී සිටිමින් 2013 වසරේ ජූලි මස 28 වැනි දින රාත්‍රියේ බීමත්ව යතුරුපැදිවලින් හොරොව්පොතාන ප්‍රදේශයට ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මීට පෙර අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය පවසා ඇත.

සැකකරුවන් බීමත්ව ඉතාමත් බරපතළ ලෙස රංචු ගැසී සමූහ දූෂණයට ලක්කර ඇති කාන්තාව යුද හමුදාවේ සැරයන් මේජර්වරයකුගේ බිරියක බවත් අධිකරණයට කියා සිටි පොලිසිය මෙම කාන්තාවට පුතුන් තිදෙනකු සිටින බවත් ඉන් පුතුන් දෙදෙනකු යුද හමුදා සෙබළුන් බවත් අනෙක් පුතා ගුවන් හමුදාවේ සෙබළකු බවත් කීය. අපරාධය සිදු කළ සියලු සැකකරුවන් දරුවන් සිටින විවාහකයන් බවත් පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වීය.
අපරාධය සිදු කිරීමෙන් පසුව සැකකරුවන් විසින් දූෂණයට ලක්වූ කාන්තාව සතුව තිබූ මුදල් පසුම්බියක්, ප්ලෑසර් වර්ගයේ විදුලි පන්දමක්, රන් කරාබු ජෝඩුවක් සහ ජංගම දුරකතනයක් ද පැහැරගෙන පලා ගොස් තිබිණි.

පසුව සැකකරුවන් අදාළ කාන්තාවගෙන් පැහැර ගන්නා ලද ජංගම දුරකතනයේ සිම් අංකය ඔස්සේ සිදු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව අපරාධය සිදුවී දින 19ක් ඇතුළත ඉතා සූක්ෂ්ම අයුරින් පොලිස් උපාය දූතයන් යොදවා සැකකරුවන් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර හමුදා සාමාජිකයන් සක්‍රිය යුද හමුදා සේවයේ නිරතව සිටියදී මෙම අපරාධය සිදු කළ බවට මාධ්‍ය මඟින් අනාවරණය කළ පසුව හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ නියෝග මත ඔවුන් සියලු දෙනා යුද හමුදා සක්‍රිය සේවයෙන් නෙරපා හරිනු ලැබීය. සියලු සැකකරුවන් මීට පෙර මාස ගණනක් අඛණ්ඩව රිමාන්ඩ් කර සිටි අතර දැනට ඔවුහු අධිකරණය මඟින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්