මාරක අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ දකුණෙන් ඉස්සර කිරීමට යෑමෙන්

  👤  3057 readers have read this article !
By mawbima 2017-09-14

උදයන්ති මුණසිංහ

මෙරට මාරක අනතුරුවලට මූලික හේතුව වමෙන් ඉස්සර කිරීම බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවැසුවද, මාරක අනතුරු විශාල ප්‍රමාණයක් සිදුව ඇත්තේ දකුණෙන් ඉස්සර කිරීමට යෑමෙන් බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

දකුණෙන් ඉස්සර කිරීමට යෑම මාරක අනතුරුවලට හේතුවන බව මූලික විද්‍යාත්මක පදනම මඟින්ද තහවුරු කර තිබෙන බව ඔවුහු පවසති.
වමෙන් ඉස්සර කිරීමට යෑමෙන් සිදුවන අනතුරක ගැටීමේ ප්‍රබල බව දකුණෙන් ඉස්සර කිරීමට යෑමේදී සිදුවන අනතුරක ගැටීමේ ප්‍රබලත්වයට වඩා අඩු බවත්, එනිසා වමෙන් ඉස්සර කිරීමට යෑමෙන් සිදුවන අනතුරු පිළිබඳ වාර්තා තම සංගමය අභියෝගයට ලක්කරන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්