සර්ප ප්‍රතිවිස මෙරටදීම නිපදවයි

  👤  2946 readers have read this article !
By mawbima 2017-09-14

දයා පෙරේරා

ශ්‍රී ලංකාවේ වෙසෙන උග්‍ර විස සහිත සර්පයන් පස් දෙනකු දෂ්ට කළ විට රෝගීන්ට ලබාදෙන ප්‍රතිවිස ඔෟෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

මෙරටෙහි වෙසෙන නයා, කරවලා හා පොළොංගු වර්ග තුනක් සඳහා මේ ප්‍රතිවිස ඔෟෂධ මෙතෙක් විදෙස් රටවලින් ගෙන්වනු ලැබීය. ඒවා නිපදවා ඇත්තේ ඒ රටවල සර්ප විසවලින් නිසා ශ්‍රී ලංකාවේ වාසය කරන ඉහත සර්ප වර්ග දෂ්ටනයකදී මෙරටදීම නිපදවූ ප්‍රතිවිස ඔෟෂධ භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය පරිදි ඒවා මෙහි නිපදවන බවද හෙතෙම කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්