බැඳුම්කර කොල්ලයේ සල්ලිවලින් ගහන පත්තරේට රජයේ දැන්වීම් දෙනවා

  👤  3001 readers have read this article !
By mawbima 2017-09-14

දැන් මේ රට ධනවතුන්ගේ රාජ්‍යයක් බවට පත්වෙලා. දුප්පතුන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ මැති ඇමැතිවරු අද ඔවුන්ගේ බඩ වඩා ගැනීමත් හොරුන් ආරක්ෂා කිරීමත් පමණයි සිදු කරන්නේ. මේ රට හූරන් කෑ පිරිස අද රටේ රජ වෙලා. ජනතා ඡන්දයෙන් බලයට පත් වුණේ ජනතාවට සේවය කිරීමට බව ඔවුන් මුළුමනින්ම අමතක කරලා යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ජනසෙත පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
තවදුරටත් මෙසේද පැවැසීය.

ඇත්ත කතා කරන මාධ්‍ය ආයතනවල නම් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ විවේචනය කරන රටේ අගමැතිවරයා කරන්නේ හොරුන් ආරක්ෂා කිරීමයි. අධිවේගී මාර්ග සම්බන්ධව සිරස නාළිකාව හෙළිදරව් කළ විට අගමැතිවරයා එවැන්නක් සිදුව නැතැයි කීවත් ඔවුන් එහි නිරවද්‍යතාව පැහැදිලි කර පෙන්නුවා.
මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මෙලෙස විවේචනය කිරීම කිසිම මැති ඇමැතිවරයෙක් හෝ රටේ නායකයෙක් නොකළ යුතු දෙයක්.
මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේත් මාධ්‍යවේදීන්ගේත් වත්කම් බැරකම් ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි රවි කරුණානායක මේ වෙන කොට සිදුකර ඇති වංචා හොර මගඩි ගැන කවුරුවත් කතා කළාද? මේ වගේ රටේ පට්ටපල් හොරු රකින්නේ රටේ අගමැතිවරයායි.

ජනතාව ඔවුන්ගේ වටිනා ඡන්දය ලබාදී මේ පිරිස බලයට පත් කළේ ඔවුන්ට අවශ්‍ය රටට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට මිස ඔවුන්ගේ මඩිය පුරවා ගැනීමට නොවෙයි.
මේ රටේ සිදුවූ මහා බැඳුම්කර මංකොල්ලයෙන් ගහන පත්තරේට ලක්ෂ ගණන් වියදම් කර වෙළෙඳ දැන්වීම් දෙන්නේ කාගේ උපදෙස් මතදැයි විමසිය යුතුයි. මේ පිළිබඳව විමසා බලන්න යැයි මා වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටිනවා. මේ පුවත්පතේ කර්තෘගේ මාසික වැටුප රුපියල් ලක්ෂ හතරකට වැඩි ඇතැයි මා හිතනවා. නියෝජ්‍ය කර්තෘටත් ඒ හා සමාන ගෙවීම්. මේ මුදල් කාගෙද මේ රටේ අහිංසක ජනතාව ගෙවූ බදු මුදල්වලිනුයි ඔවුන් මේ සියල්ල කළේ. මේ පුවත්පත බැඳුම්කරයෙන් ලබා ගත් මුදලිනුයි පවත්වාගෙන යන්නේ. එවකට සිටි මුදල් ඇමැතිවරයා මෙයට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ලොතරැයි මණ්ඩලයේ ලක්ෂ ගණන් දැන්වීම් කාගේ අවසරය මත ජනයුගයට ලබා දෙන්නේ දැයි සෙවීමට කමිටුවක් පත් කරන්නැයි වත්මන් මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් මුදල් ඇමැතිවරයාගේ නව බදු පනතින් වයස 18/20 දරුවනුත් නව බදු ගෙවීමට අයිති වෙනවා. මෙවැනි තීරණ ගන්නේ මේ නායකයන්ට බලය ලැබුණු විට මොළය නැතිවී යන නිසා. යළි මොළය පෑදෙන විට බලය ගිලිහී ගිහින්. මේකයි අද අපේ රටේ ඇත්ත තත්ත්වය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්