කෝටි 5ක ලොතරැයියක් ඇදුණු දෙදරු පියා නැති වෙනකං කුඩු ගහලා

  👤  3069 readers have read this article !
By mawbima 2017-09-14

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වූ රුපියල් කෝටි පහේ ලොතරැයි ජයග්‍රහණය ලැබූ මල් වෙළෙන්දා වසරක කාලයක් පුනරුත්ථාපන කිරීම සඳහා වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට ඇතුළත් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කළේය.

මීට වසර තුනකට ඉහතදී රුපියල් ලක්ෂ පන්සීයක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී මේ වන විට තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහිවී සිටින අනුරාධපුර ගල්කඩවල ලිපිනයේ පදිංචි හේරත් හාමිගේ රසික බණ්ඩාර සුගතදාස (40) වන මොහු දෙදරු පියෙකි.

හෙරොයින් හා ගංජා භාවිතය ජාවාරම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පෙර වැරදි හයක් ඇති බවට සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය අධිකරණයට කියා සිටියේ සැකකරු පුනරුත්ථාපනය සඳහා යොමුකරන ලෙස බිරිය ඉල්ලීමක් කර තිබෙන බවයි. හෙරොයින් පානය කිරීම නිසා අර්බුද රැසකට මුහුණ දීමට සිදුවී ඇති නිසා බිරිය මෙම ඉල්ලීම අධිකරණයෙන් ඉල්ලා ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
බිරිය කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසරක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නැයි බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.


අධිකරණ භූමියට පැමිණ සිටි සැකකරුගේ මව තම පුතා වන රසික බණ්ඩාර හෙරොයින් පානය කරන පුද්ගලයකු නොවන බවත් බිරිය නිකරුණේ ඔහු පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසත් පොලිස් නිලධාරීන්ට ඇවිටිලි කරමින් කියා තිබිණි.
එහෙත් පොලිස් නිලධාරීන් එම මවට පවසා ඇත්තේ සැකකරු තදින්ම මත්ද්‍රව්‍ය පානය කරන බව දන්නා බිරිය එම ඉල්ලීම සිදුකර ඇති නිසා පුනරුත්ථාපන ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

සැකකාර තම පුත්‍රයාව පුනරුත්ථාපනය කරන ලෙසට ඉල්ලා සිටිම නිසා කෝපයට පත් සැකකරුගේ මව ලේලියට එදින පහරදී ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්