ඉගිල්ලී ගිය ත්‍රිරෝද රථයක් සංචාරක බසයක හැපී 2ක් මරුට

  👤  3049 readers have read this article !
By mawbima 2017-09-14

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම නොර්වුඩ් - රිද්මි මිලින්දිකා හැටන් - චන්න අද්දරගේ

කොළඹ සිට නුවරඑළිය දක්වා ඇමෙරිකන් ජාතික සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය වූ බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත. තිදෙනෙක් තුවාල ලබා ළිඳුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත යැවූ බව ළිඳුල පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (12දා) හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ළිඳුල බෙයාර්විල් ප්‍රදේශයේදීය. ළිඳුල නාගසේන සිට තලවාකැලේ නගරය දක්වා අධික වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය වෙමින් තිබූ සංචාරක බස් රථයේ බඳ කොටසෙ ගැටී තිබේ.

අනතුරෙන් මියගිය ආගරපතන වාලමලෛ වතුයායේ පදිංචි චන්ද්‍රසේකරන් සතිෂ් (15) සහ එම වතුයායේම පදිංචි චන්දන් ප්‍රභූ (23) යන දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. සංචාරක බස් රථයේ රියැදුරා ළිඳුල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ළිඳුල පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්