කොටි බෝම්බ තොගයක් වවුනියාවේ ගෙවත්තකින් හමුවෙයි

  👤  2931 readers have read this article !
By mawbima 2017-09-14

මුලතිව් - ශෂිකුමාර්
වවුනියාව - රසාදි චතුරන්ගි ගමගේ

යුද සමයේදී එල්ටීටීඊ සංවිධානය විසින් වළ දමන ලද අත්බෝම්බ තොගයක් වවුනියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියකුගේ ගෙවත්තක වළදමා තිබියදී ඊයේ (13දා) සොයාගත් බවට වවුනියාව පොලිසිය කියා සිටියේය.

වසර ගණනාවකට පසුව සිය ගෙවත්ත එළි පෙහෙළි කරමින් සිටියදී වළදමා තිබූ අදාළ බෝම්බ තොගය දැක ඒ බව වවුනියාව පොලිසියට දැනුම් දී ඇත.
පසුව වවුනියාව පොලිසිය එම ස්ථානයට ගොස් සිදු කරන ලද සෝදිසි කිරීම්වලින් පසුව පොලිතින් කවරවල දමන ලද අත්බෝම්බ තුනක් හමු වී ඇති අතර එම අත්බෝම්බ දැඩි සේ දිරාපත්ව තිබූ අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ ස්ථානයේ මෙම අත්බෝම්බ තොගය වළදමන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
කෙසේ වෙතත් හමු වූ අත්බෝම්බ පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට දැනුම් දී වවුනියාව අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්