‘පරිගණකයක් - එක සිහිනයක්’ සංකල්පයෙන් සරසවි සිසුන්ට මිලියන හතක ලැප්ටොප්

  👤  3020 readers have read this article !
By mawbima 2017-09-14

උදයන්ති මුණසිංහ

"පරිගණකයක් - එක සිහිනයක්" යන සංකල්පය යටතේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා මිලියන 7ක වටිනාකමකින් යුත් ලැප්ටොප් බෙදා දීම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) විශ්වවිද්‍යාල කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
හොංකොං රජය හා සම්බන්ධ (ඉධභබඩ - ඉධභබඩ ඡ්ඤභජචබඪධද ජ්ධභදඤචබඪධද (ඉඉඡ්ජ්) සමඟ පසුගිය වසරේ දෙසැම්බර් මස 12දා අස්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ මේ පරිගණක පරිත්‍යාග වැඩසටහන සඳහා කටයුතු පිළියෙල කෙළේ මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඉඉඡ්ජ් පොදු අධ්‍යාපනය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමේ පදනමක් වන අතර එය අධ්‍යාපනය හා සංස්කෘතිය හුවමාරුවෙන් චීනයේ සහ දකුණේ රටවල තිරසර සංවර්ධනය අරමුණු කර ගනිමින් එයට දායකත්වය දීම සඳහා ස්ථාපනය කොට තිබේ.

මේ උත්සවය සඳහා ඉඉඡ්ජ් නියෝජනය කරමින් එම පදනමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ජෙනී සෙන් යාඕ (බ්ඥදදර ඛඩඥද කචධ) සහ ව්‍යාපෘති කළමනාකරු සේ සාඕ (ඛඩඥ ඛඩචධ) යන මහත්මීහුද සහභාගි වූහ. මෙහිදී අධ්‍යයන කාර්ය සාධනය හා ආර්ථික තත්ත්වය පදනම් කර ගනිමින් තෝරාගත් විශ්වවිද්‍යාල සිසුන් 50ක් අතරේ සංකේතවත් ලෙස පරිගණක පනහක් බෙදා දෙන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්