නියමිත ප්‍රමිතීන්ට අනුව ඡායාරූප ලබාදී නෑ

  👤  2926 readers have read this article !
By mawbima 2017-09-14

ආරියරත්න ගනේගොඩ

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව පුද්ගලයන්ගේ ඡායාරූප ඉදිරිපත් නොකරන බව පෙනී ගොස් ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නියමිත ප්‍රමිතියෙන් යුත් ඡායාරූප පමණක් භාරගැනීම ඉකුත් 1 වැනිදා සිට ආරම්භ කර ඇතත්, බොහෝදෙනකු ඒ පිළිබඳ අවධානයක් යොමුකර නැතැයිද එහි අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහතා 'මව්බිම' කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවැසීය. මේ හේතුවෙන් ඔක්තෝබර් 01 වැනිදා සිට නිකුත් කිරීමට සැලසුම් කර තිබූ ස්මාර්ට් ජාතික හැඳුනුම්පත එම වකවානුව තුළ නිකුත් කිරීමට නොහැකිවනු ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් කීය.

මේ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින ඡායාරූප ශාලා 1,700ට අමතරව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බිම්මහලේ එවැනි ඡායාරූප ශාලා ගණනාවක් ස්ථාපිත කර ඇති බව පැවැසේ. අලුතින් හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බොහෝ අයැදුම්පත් ග්‍රාමනිලධාරි කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගොඩගැසී තිබෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්