පටු දේශපාලන අරමුණකින් සිතුල්පව්ව විහාරාධිපති අත්අඩංගුවට ගැනීමේ තැතක්

  👤  3208 readers have read this article !
By mawbima 2017-09-21

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානයේ ගල් ලෙනක හා කුටියක බුද්ධ ප්‍රතිමා කිහිපයක් තැන්පත් කිරීම පුරාවිද්‍යා ආඥා පනත අනුව බරපතළ වරදක් බවත් ඊට අනුබල දුන් වගකිවයුත්තන්ට එරෙහිව වහාම නීතිපතිවරයාගේ උපදෙස් මත නීතිමය කටයුතු සිදුකර අත්අඩංගුවට ගන්නා බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ
ජනරාල් වරයා සිතුල්පව්ව විහාරයට පැමිණ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. සිතුල්පව්ව විහාරස්ථානයේ විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන් හා පන්සලේ දායක සභාව විසින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති කුඩා සිතුල්පව්ව දාගැබ පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ පිහිටා ඇති ගල් කුඩය නමැති ගල් ලෙනක හා ඊට ආසන්නයේ පිහිටා ඇති කුඩා ගල් ලෙනක පුරාවිද්‍යා පනත අනුව කිසිදු අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමා කිහිපයක් තැන්පත් කිරීම පිළිබඳව තමන් හට දැනගැනීමට ලැබුණු නිසා මේ නිරීක්ෂණයට සහභාගි වූ බව අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී. මණ්ඩාවල මහතා පැවැසීය.

පුරාවිද්‍යා ආඥා පනතේ 18 වැනි වගන්තිය යටතේ නම් කොට ඇති ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයන්ට හානි කිරීමේ චෝදනා මත ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට එරෙහිව තිස්සමහාරාම පොලිසිය මගින් 2017.08.17 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය කටයුතු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි මේ අවස්ථාවේදී තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ජූඩ් පෙරේරා මහතා පැවැසීය. සිතුල්පව්ව විහාරස්ථානයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගල්ලෙන් හා ගල් කුටිවලට වන්දනා නඩ සමඟ පැමිණෙන ඇතැම් පිරිස් හානි කිරීමට උත්සාහ කරන බැවින් සහ ගල්ලෙන්වල අශෝභන චිත්‍ර මෙන්ම වචන කොටා එම ලෙන් අපවිත්‍ර කරන නිසාත් ඒවා වැළැක්වීම අරමුණු කරගෙන පුරාවිද්‍යා වටිනාකම ඉතාම හොඳින් සුරැකෙන පරිදි ගල්ලෙන්වල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් සහ සමාධි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර පැමිණෙන අයට වන්දනා කටයුතු කිරීමටත් ගල්ලෙන්වලට හා කුටිවලට සිදුවන විනාශය වැළැක්වීමටත් වන්දනාකරුවන්ගේ බැතිමතුන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය වැඩි කිරීමේ අදහසින් මේ පියවර ගත් බව විහාරාධිපති මැටරඹ හේමරතන හිමියෝ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්