රවි 2015දී එවූ බව කී ‘දින රහිත ලිපිය’ තමාට දුන්නේ 2016දී බැඳුම්කර විමර්ශනයට ඉදිරිපත් කිරීමටයි

  👤  3364 readers have read this article !
By mawbima 2017-09-21

කමල් මහේන්ද්‍ර වීරරත්න

රජයට රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති බවට 2015 පෙබරවාරි 26දා එවකට මුදල් ඇමැති රවි කරුණානායක විසින් ලබාදෙන ලදැයි මීට ප්‍රථම කොමිසම හමුවේ ප්‍රකාශ වූ "දිනය රහිත ලිපිය" ඇත්ත වශයෙන්ම තමාට ලැබුණේ 2016 ජුනි මස මුලදී බැඳුම්කර විමර්ශන පරීක්ෂණයට ඉදිරිපත් කිරීම සඳහා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙරේදා (19දා) බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

පෙරේදා කොමිසම හමුවට කොමිසමේ නියෝගයට අවනත වෙමින් පැමිණි සිංගප්පූරු පුරවැසියකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිය ප්‍රධාන නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කොමිසම හමුවේ සාක්ෂි දීම ආරම්භ කළේය.
එහිදී කොමිසමට සහාය වන ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් පෙරේදා 2017/09/18 දාතමින් මහේන්ද්‍රන් මහතාට කොමිසමෙන් නිකුත් කරන ලද කරුණු 5කින් යුත් නියෝගය කියවනු ලැබීය.

එහි 5 වැනි කරුණ වශයෙන් නියෝගයේ සඳහන් වූයේ අර්ජුන් මහේන්ද්‍රන් විසින් කොමිසමේ නියෝගය පරිදි කොමිසමට භාරදෙනු ලැබූ දුරකතන දෙකෙහි කොමිසමේ විමර්ශනවලට අදාළ කාලසීමාව වන 2015 ජනවාරි 01දා සිට 2016 ජනවාරි 1දා දක්වා වූ සන්නිවේදන තොරතුරු හෝ යැවුණු හෝ ලැබුණු දුරකතන පණිවුඩයන්ට අදාළ අංක හෝ අනතර්ගතව නොමැති හෙයින් නොපමාව එම තොරතුරු කොමිසමට ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
කොමිසම එහි සභාපති ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සෙසු කොමසාරිස්වරුන් වන ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කොමිසම හමුවේ සාක්ෂි දුන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙසේද පැවැසීය.
58 හැවිරිදි වියේ පසුවන මා හින්දු ආගමික භක්තිකයකු වන අතර සිංගප්පූරුවේ ස්ථීර පදිංචිය ඇති සිංගප්පූරු පුරවැසියෙකි.
මහ බැංකු අධිපති හැටියට 2015 ජනවාරි 23දා මා පත් කළේ රජයේ ආරාධනය පරිදි මා ලංකාවට පැමිණි පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනුයි.
2001දීද එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ අවධියේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අයෝජන මණ්ඩලයේ (ඕර්ණීධ්) සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මා පත්කරනු ලැබුවා.

1981 - 82 වර්ෂවලදී මහවැලි අධිකාරියේද 1982 - 83 වර්ෂවලදී ශ්‍රී ලංකා මහ බැංකුවේද 1983-87 කාලය තුළ ඔටෝමෝටිව් ක්ලියරිං හවුස්හි දන්ත සැකසුම් අංශයේද, 1991 - 93 කාලය තුළ යළිත් ශ්‍රී ලංකා මහ බැංකුවේද, 94-2001 දක්වා ජාත්‍යන්තර හොංකොං බැංකුවේද විවිධ තනතුරුවලද ඉන් අනතුරුව 2013 සිට 2014 දක්වා සීමාසහිත එමිරේට්ස් බැංකුවේ ප්‍රධාන ආයෝජන නිලධාරි වශයෙන්ද තමා කටයුතු කළ බව ඔහු පැවැසීය.
2015 ජනවාරි 09 වැනි දිනට (එනම්, 2015 ජනාධිපතිවරණයට පසු දිනම) වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පරිදි තමා ශ්‍රී ලංකාවට පැමිණි බවද, එතැන් සිට විවිධ දේශපාලන ප්‍රභූන් තමා හමුවී සාකච්ඡා පැවැත්වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එම කාලය තුළ පැවැති එකී නොවිධිමත් (ඪදටධපථචත) සාකච්ඡාවලින් පසුව 2015 ජනවාරි 23 වැනි දින ජනාධිපතිවරයා විසින් තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කරන ලද බවද ඔහු කියා සිටියේය.

තමා එම තනතුරට පත්වූ සැණින් මහ බැංකුවේ පාලනය සම්පූර්ණයෙන්ම ප්‍රති සංවිධානය කරන ලද බවද, එහිදී බොහෝ නිලධාරීන් හා සේවකයන් ස්ථාන මාරු කිරීමට සිදුවූ බවද එම කටයුතු තමා සිදු කළේ ප්‍රතිසංවිධානය යටතේ බවද ඔහු තවදුරටත් සිය නීතිඥවරයාට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.
වර්ණසේන රාසපුත්‍ර හා නෙවිල් කරුණාතිලක යන අධිපතිවරුන්ගේ පාලන සමය තුළදීත් තමා මහ බැංකුවේ සේවය කළ බවද පැවැසූ සාක්ෂිකරු අයෝජන කටයුතු පිළිබඳව මෙන්ම බැංකු පරිපාලනය හා බැංකු ගනුදෙනු පිළිබඳවද මනා පරිචයක් තමාට ඇති බවද පැවැසීය.

මූල්‍ය නීති පනත (ර්ධදඪබධපර ඹ්චඹ ඒජබ) අනුව මහ බැංකුවේ අධිපතිවරයා යනු මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා (ඛ්ඡ්ර්ණී) වන බවද ඒ අනුව ආයතනයේ සෑම සියලු කටයුත්තක් පිළිබඳවම සොයා බැලීමට අවශ්‍ය බවද ඒ අනුව තමා ක්‍රියා කළ බවද ඔහු පවසා සිටියේය.
1983 සිට 1990 දක්වා කාලය තුළ තමා සේවය කරද්දී මහ බැංකුව කුඩා පරිශ්‍රයක් තුළ පිහිටා තිබූ බවද එබැවින් එම කාලය තුළ මහ බැංකු අධිපතිවරයාට නිතරම පාහේ සෑම අංශයක් වෙතම යමින් කරුණු විමසා බැලීමට හැකිවූ බවද නිලධාරීන්ට හා සේවකයන්ටද ඔවුන් එකිනෙකා හමුවීමේ හැකියාව පැවැති බවද පැවැසීය.
කෙසේ වුවද තමා අධිපති වී පැමිණි පසු (ර්ණීනඥදඤධධප ර්ථීධඪජර) ඕනෑම කෙනකුට පැමිණ හමුවිය හැකි වූ වාතාවරණයක් ඇති කළ බවද ඒ අනුව විවිධ අය පැමිණ තමා හමුවීම සිදුවූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

"ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය" හා "පෞද්ගලික ස්ථානගත අලෙවි කිරීම් ක්‍රමය" අතර ඇති වෙනස කුමක් දැයි විමසමින් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, "ර්ථීපඪමචබඥ ර්ථීතචජඥථඥදබ ඉරඵබඥථ" එක තුළදී ගනුදෙනුව දෙදෙනකු අතර පමණක් සිදුවන නමුදු ර්ථීභඡතඪජ ඒභජබඪධද ඉරඵබඥථ එක තුළදී එසේ නොව වැඩිම දෙනකුගේ සහභාගිත්වයෙන් එය සිදුවන නිසා විනිවිදභාවයක් සහිතව ගනුදෙනුව සිදුවීමේ ඉඩකඩ වැඩි බවත් ඔහු කියා සිටියේය.

2015 ජනවාරි 23 වැනි දින මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්වූ විට 24 හා 25 යන දින දෙක තුළ විවිධ හමුවීම් සිදුවූ බවත්, දේශපාලනඥයන්, මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් ඒ අතර සිටි බවත් ඔහු පැවැසීය.

විනිසුරු ජයවර්ධන මහතා - අගමැති වික්‍රමසිංහ මහතාත් ඔබව හමුවුණාද?
පි - 2014 දී ඔහු හමුවුණා.
2015 දී රජය විශාල මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටි බවද, අරමුදල් උපයා ගැනීම සඳහා මහත් වෙහෙසක් දැරීමට රජයට සිදුවූ බවද එය උග්‍ර වූයේ රජයේ සේවකයන් හට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමේ තීරණය නිසා බවද ඔහු කියා සිටියේය.
තමා පැමිණෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක වූයේ (ර්ථීපඪමචබඥ ර්ථීතචජඥථඥදබ ඉරඵබඥථ) "පෞද්ගලික ස්ථානගත නිකුත් කිරීම් ක්‍රමය" බවද භාණ්ඩාගාර බැඳුම්කර 100% ක්ම නිකුත් වූයේ එම ක්‍රමයට බවද, එහෙත් තමා පැමිණි වහාම එකී ක්‍රමය අත්හිටුවා (ර්ථීභඡතඪජ ඒභජබඪධද ඉරඵබඥථ) "ප්‍රසිද්ධ වෙන්දේසි නිකුතු ක්‍රමය" ක්‍රියාත්මක කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
තමා එම ක්‍රමය ක්‍රියාත්මක කළේ එමඟින් වඩාත් විනිවිද භාවයෙන් යුක්තව බැඳුම්කර නිකුත් කිරීමට හැකි වෙතැයි යන අපේක්ෂාවෙන් බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මා පැමිණි පසු ප්‍රථම බැඳුම්කර වෙන්දේසිය පැවැත් වුණේ 2015 ජනවාරි 26 වැනි දිනයි. ඒ පිළිබඳව මා සෑහීමකට පත්වුණේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ඒ වන විට පැවැතියේ නාස්තිය සහ අඩුපාඩුකම්. මා ඒ ගැන කම්පනයට පත්වුණා යැයිද ඔහු කියා සිටියේය.

තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විමධ්‍යගත කොට පළාත් මට්ටමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් පවතින බවද, එසේ නොවීම මත මේ වනවිට ක්‍රියාත්මක වන ශාඛා ආයතන 'සුදු අලින්' බවට පත්ව ඇති බවද, ඒ සඳහා හොඳම නිදසුනක් වන්නේ ජර්මන් ජාතික ආයෝජකයකු තමාට සිදුකළ පැමිණිල්ලක් බවද ඔහු කීය.
එම පැමිණිල්ල වනුයේ මහනුවර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාරුකාසි නිකුත් නොකිරීම නිසා එම පළාත තුළම උග්‍ර කාසි හිඟයක් නිර්මාණය වී ඇති බව යැයිද ඔහු කියා සිටියේය.

තම නීතිඥවරයාට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ, තම පාලන කාලය තුළදී මහ බැංකුවේ කාර්යභාරය පොකුරු (ඛ්තභඵබඥපඵ) 03 කට වෙන්කොට ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ බවත්, ඒ අනුව මිල ශක්‍යතාව, ගුණාත්මක ශක්‍යතාව හා මූල්‍ය ශක්‍යතාව වශයෙන් ඒවා හඳුනාගත් බවත් ඒ පරිදි
1. ප්‍රතිපත්ති උපදේශක කාණ්ඩය,
2. මූල්‍ය රෙගුලාසි සංවර්ධන කාණ්ඩය හා
3. ධාරිතාව ගොඩනැඟීමේ කාණ්ඩය වශයෙන් ඒවා ක්‍රියාත්මක වූ බවත්ය.
මහ බැංකුවේ කටයුතු පිළිබඳ නීතිමය උපදෙස් ලබාගැනීම සඳහා නීති අංශයක් ක්‍රියාත්මකව තිබේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, එවැනි අංශයක් ස්ථාපිතව නැතත් අවශ්‍ය නීති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සේවය ගාස්තු ගෙවා ලබාගන්නා බවය.
ඔබ විසින් සිදුකරන ලද සමූහ මාරු කිරීමේ නීතියට පටහැනි බවට එම නීති නිලධාරීන් පැවසුවා දැයි තම නීතිඥවරයා නැඟූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ එලෙස විමසීමක් නොකළ බවය.

2015 පෙබරවාරි මස 27 වැනි දින පැවැති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන ඔහු කියා සිටියේ එය තමාගේ මෙහෙයැවීම යටතේ සිදු කෙරුණු ප්‍රථම බැඳුම්කර වෙන්දේසිය වූ බවත් රජයට රුපියල් බිලියන 13.55ක මුදලක් සපයාදීම සඳහා එය පැවැත්වූ බවත්ය.

තමාට ඒ බව දැනුම් දුන්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් 2015 පෙබරවාරි මස 23 වැනි දින බවද ඊට පසුව 26 වැනි දින මුදල් ඇමැති රවි කරුණානායක, මහාමාර්ග ඇමැති කබීර් හෂීම් හා අමාත්‍ය මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේදී රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී රුපියල් බිලියන 75ක මුදලක් ණයක් ගෙවීම සඳහා වහාම සපයා ගත යුතුව ඇති බව කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එකී රුපියල් බිලියන 75ක මුදලක් අවශ්‍ය බවට ලිඛිත ඉල්ලීමක් එදින ඉදිරිපත් නොවූ බවද ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සහිත ලිපියක් තමාට රවි කරුණානායක ඇමැතිවරයා විසින් ලබාදුන්නේ ඊට පසුව 2016 වසරේ ජුනි මාසයේ මුල් භාගයේදී බැඳුම්කර වෙන්දේසි පිළිබඳ පරීක්ෂණයට මුහුණදීම සඳහා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එය අවශ්‍ය වූයේ මෙම කොමිසමට නොව පාර්ලිමේන්තු 'කෝප් කමිටුව' හමුවට පෙනී සිටීමේදී බවද ප්‍රශ්නගත 'දින රහිත ලිපි' එය බවද ඔහු කියා සිටියේය.

තවද මැතිවරණ පොරොන්දුවක් පරිදි රජයේ සේවකයන්ට රුපියල් 10,000ක මාසික දීමනාවක් ගෙවීමට අතුරු අය-වැය ලේඛනය මඟින් යෝජනා වීම නිසා 2015 ජනවාරි 29 වැනි දින වන විට තවත් රුපියල් බිලියන 172ක මුදල් ප්‍රමාණයක් රජයට උපයා දීමට අවශ්‍යතාවක් ඇතිවූ බවද මහා භාණ්ඩාගාරය සතුව එතරම් මුදලක් නොතිබීම නිසා එම මුදල් ප්‍රමාණය රැස් කිරීම සඳහා තවත් අරමුදල් රැස් කිරීමට මහ බැංකුවට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එවන් තත්ත්වයක් මධ්‍යයේ 2015 පෙබරවාරි 27 වැනි දින වෙන්දේසිය සඳහා රුපියල් බිලියන 1ක භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නිවේදනය කළේ කුමන හේතුවක් නිසාදැයි විනිසුරු ජයවර්ධන මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙවැනි කතාවකි.
"ස්වාමිනී මාත් ඒ පිළිබඳ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා"
විනිසුරු ජයවර්ධන _ එතකොට එම නිවේදනය ගැන තමා දැනුවත්ව සිටියේම නැද්ද?
පි- නැහැ ස්වාමිනී, මා දැනුවත්ව සිටියේ නැහැ.

පෙබරවාරි 27 වැනි දින (වෙන්දේසි දින) පෙරවරුවේ වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව (ර්චපඬඥපබ ර්ණීනඥපචබඪධද ඛ්ධථථඪබබඥඥ) රැස්වූ බවද ඔහු පිළිගත්තේය.
තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අර්ජුන් මහේන්ද්‍රන් කියා සිටියේ තමා ලංකාවේ පදිංචිව සිටින්නේ තම බිරියගේ පියාගෙන් ලැබුණු ඔවුන්ගේ නිවෙසක බවත් අර්ජුන් ඇලෝසියස්ට තම දියණිය 2012 ඔක්තෝබර් මාසයේදී විවාහ කර දුන් පසු ඇලෝසියස්ද එම නිවෙසේම පදිංචි වූ බවත් තමාද ලංකාවේ සිටින විට එම නිවෙසේම රැඳෙන අවස්ථා ඇති බවත්ය.

"බින්න බැසීමක්" නොවේද යනුවෙන් එය ප්‍රකාශ විය.
එම නිවෙස පිහිටා ඇත්තේ ෆ්ලවර් රෝඩ් අංක 52/1 හි බවත් ඔහු කියා සිටියේය.
තවද දියණියගේ මංගල්‍යයට රටේ ප්‍රබල දේශපාලනඥයන් වන රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, ජෝන් අමරතුංග, ජෝන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල ද සිල්වා, චන්ද්‍රිකා බණ්ඩාරනායක යනාදීන් මෙන්ම හිටපු ජනාධිපතිතුමාගේ පුතුන්ද සහභාගි වූ බවද ඔහු කියා සිටියේය.

කොමිසම හෙට රැස්වේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon