පර්චස් 7ක ඉඩමක් සමඟ නිවෙසක් වතුකරයේ ජනතාවට ලබාදෙන සිහිනය සැබෑ වන ලකුණු

  👤  3052 readers have read this article !
By mawbima 2017-09-21

ලක්ෂ්මී ජයකොඩි

පර්චස් හතක ඉඩමක් සමඟ නිවෙසක් වතුකරයේ ජනතාවට ලබාදීමේ තමාගේ සිහිනය සැබෑවක් බවට පත්වෙමින් තිබෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

ප්‍රාදේශීය සභාවලට හා වැවිලි ප්‍රජාවට සේවයක් කළ හැකි පරිදි ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමේ තමාගේ උත්සාහය සාර්ථක වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
දිගම්බරම් මහතා මේ බව පැවැසුවේ පසුගියදා හැටන් ඩී.කේ. ඩබ්ලිව්.ශාලාවේදී පැවැති දිගා පදනමේ සමාරම්භක උත්සවය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, කෘෂිකර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ පක්ෂ භේදය, වර්ග භේදය, ජාති භේදය, කුල භේදය සියල්ල අමතක කර ප්‍රතිපත්තිමය දැක්මක් ඔස්සේ කඳුකරයේ ජනතාවට මනා නායකත්වය සපයන අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ දේශපාලන ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය, ප්‍රණාමය පුද කරන බවයි.

දිගම්බරම් අමාත්‍යවරයා ජනාධිපතිගේ මෙන්ම අගමැතිගෙත් හොඳම මිත්‍රයෙක් බවත් ඔවුන් දෙදෙනාගේ විශ්වාසය රැකගනිමින් වතුකරයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරන බවත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
මේ අවස්ථාවට එක්වූ ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද කතා කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්