මැතිවරණ පවත්වන්නට පෙර නව ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි

  👤  3150 readers have read this article !
By mawbima 2017-09-21

ලක්ෂ්මී ජයකොඩි

රටේ අනෙකුත් මැතිවරණ පැවැත්වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් සභාවල මැතිවරණ එළැඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්විය හැකි බවට ඇතිව තිබෙන දේශපාලන ප්‍රචාර හමුවේ දෙමළ ජාතික සන්ධානය විසින් මේ බව ආණ්ඩුවට ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වෙයි.
ඉහත කී පළාත් සභාවල මැතිවරණ පැවැත්වීම හා ඉනික්බිති පළාත් පාලන මැතිවරණ පැවැත්වීම හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අවශ්‍යතාව සඳහා අයහපත් බලපෑම් එල්ල විය හැකි බවද එම සන්ධානය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සියලු මැතිවරණ පැවැත්වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන ජනමත විචාරණයක් පවත්වන්නැයි තමන් කිහිප අවස්ථාවකදීම ආණ්ඩුවට දැනුම්දී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon