පනත් ප්‍රකාරව වගකිවයුත්තන් සිටියදී ආහාර ද්‍රව්‍යවලට ඊයම් ඇතුළුවීමේ වරද ජනතාවගේද?

  👤  3060 readers have read this article !
By mawbima 2017-09-21

උදයන්ති මුණසිංහ

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මෙරට සමස්ත පාරිභෝගිකයාට බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාරවල වස විස විශ්ලේෂණය කිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂක වෛද්‍ය ටී.බී. ආනන්ද ජයලාල් සිදු කළ
පරීක්ෂණවලදී ජනතාව පරිභෝජනයට ගන්නා සහල් සහ එළවළු තුළ සැලකිය යුතු මට්ටමක ඊයම් අඩංගු බවත් ඊයම් සහිත ආහාර පාන අනුභව කළ ජනතාවගේ රුධිරයේද ඊයම් අඩංගු බව හෙළි වී ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි.

1980 ආහාර පනත අනුව මෙරට ආහාර පිළිබඳව නිසි බලධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඒ මහතා ප්‍රශ්න කර සිටිනුයේ, සහල් සහ එළවළුවල ඊයම් අඩංගු නම් ඒ පිළිබඳව වගකිව යුත්තේ මෙරට පාරිභෝගිකයාද යන්නය.

ජනතාව ලෙඩ රෝගවලට නිරාවරණය කොට අඩු මිලට බෙහෙත් ද්‍රව්‍ය හා වෙනත් උපකරණ ලබා දීමට කටයුතු කරන බවට කයිවාරු ගසන සෞඛ්‍ය අමාත්‍යවරයකු සිටින රටක සමීක්ෂණ වාර්තා මඟින් මෙවැනි කරුණු හෙළිවීම පුදුමයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

පාලන මිලක් නොමැතිව වැඩි මුදලක් ගෙවා පාරිභෝගිකයන්ට ඊයම් අඩංගු සහල් පරිභෝජනය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් මෙරට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය බලධාරීන් ලැජ්ජා විය යුතු යැයි ඔහු පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්