ශ්‍රී ලනිපය ඡන්දෙට ලෑස්ති වෙයි

  👤  3082 readers have read this article !
By mawbima 2017-09-21

ලක්ෂ්මී ජයකොඩි

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පවතින අසීරුතාව හමුවේ ආණ්ඩුව ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වන බවක් දක්නට ලැබේ.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණවලට සූදානම්වීම පිළිබ¼ද සාකච්ඡාවක් ඊයේ (20දා) ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

මේ සාකච්ඡාවට ලසන්ත අලගියවන්න, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතාද සහභාගි වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචි නිලමේ මහතා පැවැසුවේ උතුරුමැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලනිපයේ සූදානම පිළිබඳව හා පක්ෂයේ මැතිවරණ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රිලනිපය ඉදිරි මැතිවරණ සඳහා කුමන පෙරමුණකින් හෝ සන්ධානයකින් ඉදිරිපත් වනවාද යන්න මෙතෙක් තීරණය කොට නැති බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්