මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියකාගෙවත් අතට සල්ලි ගියේ නැහැ

  👤  3048 readers have read this article !
By mawbima 2017-09-21

ජේ. ටී. ද සිල්වා

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් එක සත පහක් කාගෙවත් අතට නොගිය බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන්, දිස්ත්‍රික්ක පහක ජාතික ආර්ථිකයට දායකත්වයක් ලැබෙන බව ඇමැතිවරයා අවධාරණය කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට වැඩි ඡන්ද පදනමක් තිබෙන නිසා, එම ඡන්ද පදනමට හානි පැමිණවීමට ඇතැම් අය මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අඩපණ කිරීමට කුමන්ත්‍රණ කරන බව, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
"ඕනෑම වේලාවක විගණකාධිපතිවරයා අසන ප්‍රශ්නවලට උත්තර දෙන බවත්, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව 'ටයිසේ' ආයතනයට ලබාදීමට තීරණය කර ඇති බවත් සඳහන් කළ ඇමැතිවරයා, එම ගිවිසුම ලබන සතියේ අස්සන් කරනවා" යැයිද පැවැසීය.

දළදා මාලිගාවට යෑමට ඉදිවන මේ මාර්ගය ඉදිකිරීමට බාධා පමුණුවන්න එජපා යැයි පැවසූ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, 1815න් පසු මධ්‍යම පළාතේ සිදු කෙරෙන, ජාතික ආර්ථිකයට දායකවන ලොකුම ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ගය යැයිද කීය.
කෝප් සභාවේ සභාපතිවරයාට ඕනෑම කෙනකුගෙන් ප්‍රශ්න කිරීමට හැකිදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමැතිවරයා, "කෝප් සභාවේ සභාපතිවරයාට එක් එක් අය විසින් ලබා දෙන ප්‍රශ්න ඇසීමට ඉඩක් නැහැ. කෝප් සභාපතිවරයා ප්‍රශ්න ඇසීමට ස්ථාවර නියෝග යටතේ බලය පවරා ඇත්තේ, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණවලට අනුව මතුවන ප්‍රශ්න පමණයි. මම ඒ බව එතුමාට පැවසුවා" යැයි පැවැසීය.
මාධ්‍යවේදීන් දිගින් දිගට ඇමැතිවරයාගෙන් ප්‍රශ්න විමසූ අවස්ථාවේ, නීතිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගීවීම සඳහා එම ස්ථානයෙන් නික්ම ගියේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් වැඩිදුර තොරතුරු විමසා දැනගන්නා ලෙස ප්‍රකාශ කරමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්