පළමු වසරට සුදුසුකම් ලැබූ සිසුවකු පාසලට ඇතුළත් කර නොගත් හිටපු විදුහල්පතිට සිතාසි

  👤  3059 readers have read this article !
By mawbima 2017-09-21

කේ.එස්. උදයකුමාර්

පළමු වසර සඳහා ආසන්නතා පදනම යටතේ ඇතුළත් කරගත යුතු සිසුවකු පාසලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම මඟින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී තිබෙන ගාල්ල, රිච්මන්ඩ් විදුහලේ හිටපු විදුහල්පතිවරයාට ලබන 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේය.
විත්තිකාර හිටපු විදුහල්පතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනා සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙසේ සිතාසි නිකුත් කෙළේය.

අල්ලස් කොමිසම මඟින් අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය මඟින් තම විදුහලට ආසන්නතා පදනම යටතේ පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටි සිසුවකු පාසලට ඇතුළත් කර නොගැනීමෙන් විත්තිකාර හිටපු විදුහල්පතිවරයා අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා එල්ල කර තිබේ.
මේ නඩුවට අදාළ චෝදනා පත්‍ර භාරදීම සඳහා විත්තිකාර හිටපු විදුහල්පතිවරයා අධිකරණය හමුවට කැඳවීමට සිතාසියක් නිකුත් කරන්නැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඒ සඳහා සිතාසි නිකුත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්