නීතිපති කළ නීති විරෝධී ක්‍රියාවට නඩුවක් දානවා

  👤  3694 readers have read this article !
By mawbima 2017-09-22

තිළිණි කෞශල්‍ය විජේසිංහ

නීතිපතිවරයා කළ නීති විරෝධී ක්‍රියාවට විරුද්ධව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බවත් 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටි පාටි...පනත යටතේ නීතිපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවට යමක් ඉදිරිපත් කිරීමට පෙර අවම වශයෙන් සති දෙකකටවත් පෙර එය ගැසට් මඟින් ප්‍රසිද්ධ කළ යුතු බවත්, පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත විවාදයට ගන්නා අතරතුර ආණ්ඩුව, ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට තරග කරන්න බැරි බවට වූ විධි විධානයක් පනත ඇතුළට රිංගවා ඇති බවත් එය වැරැදි බවත්, ව්‍යවස්ථානුකූල නොවන බවත් මන්ත්‍රිවරයා පැවැසීය.

එය ව්‍යවස්ථානුකූල බවට සහතිකයක් දෙන්න එපා යැයි නීතිපතිගෙන් ඉල්ලීමක් කළද නීතිපති එයට ඇහුම්කන් නොදුන් බවත් ඒ වැරැද්ද දෙවැනි වරටත් පසුගිය 20 වැනිදා සිදු කළ බවටත් මන්ත්‍රිවරයා පැවැසීය.

පසුගිය 20 වැනිදා පනත් කෙටුම්පත තිබුණේ කාන්තාවන්ට සියයට තිහක අවම නියෝජනයක් සහතික කිරීමට බවත් එය විවාද කරන අතර මැද මැතිවරණ කොට්ඨාස බවට පත් කිරීමේ විධි විධාන ඉදිරිපත් වූ බවත් එවැනි දෙයක් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් නොවුණු බවත් මන්ත්‍රිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ විවාදයක් අතර මැදදී සංශෝධනයක් ආවොත් ඒ සංශෝධනය ව්‍යවස්ථානුකූලද නැතිද කියා නීතිපතිවරයා විසින් කතානායකවරයාට දැනුම් දිය යුතු බවත් එය එසේ නොකිරීම ව්‍යවස්ථා විරෝධී බවත් එය ගැසට් මඟින් ප්‍රසිද්ධ කර තැබිය යුතු බවට කතානායකවරයාට උපදෙස් දීමට නීතිපතිවරයාට හැකියාව තිබුණු බවත් එම නිසා එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් මන්ත්‍රිවරයා පැවැසුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon