සරණ 26දා උසාවියට

  👤  3318 readers have read this article !
By mawbima 2017-09-22

කේ.එස්. උදයකුමාර්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ එම මණ්ඩලයට වාහන කුලියට ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය ඇමැති...සරණ ගුණවර්ධන මහතා මේ මස 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් පවරා ඇති එම නඩුව ඊයේ (21දා) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතාගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවයි.

ඒ අනුව නඩුව නැවත මෙම මස 26 වැනිදා කැඳවීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එදිනට විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon