පළාත් ඡන්දයට නාම යෝජනා කැඳවන්න

  👤  3308 readers have read this article !
By mawbima 2017-09-22

උපතිස්ස පෙරේරා

ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන නිසා සංශෝධනය වූ පළාත් සභා පනත ද්විතීය වෙයි' යන තර්කය පදනම් කරගෙන උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් ඡන්ද විමසීම් සඳහා නාම යෝජනා කැඳවන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධානයක් විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

මේ සඳහා එම සංවිධානය ප්‍රවීණ නීතිඥ මණ්ඩලයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර තවත් සිවිල් සංවිධාන ගණනාවක් ඒ සඳහා සහාය දීමට එකඟත්වය පළකර තිබේ.
පුරවැසියන්, සිවිල් සංවිධාන ආදී බලපෑම් කණ්ඩායම්වල දායකත්වය, සහභාගිත්වය, නිරීක්‍ෂණය නොමැතිව පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත සකස් කිරීම, සම්මත කිරීම අභියෝගයට ලක්කිරීමට මෙමඟින් අපේක්‍ෂා කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්