ෆේස්බුක් එකෙන් මුදල් ගැරූ ආච්චි රිමාන්ඩ්

  👤  3474 readers have read this article !
By mawbima 2017-09-22

චාමර අමරසූරිය

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩිවිය හරහා මුදල් ගැරූ 65 හැවිරිදි මිත්තණියක වැලිගම පොලිසිය මඟින් ....අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (21දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
විදේශ රටකින් තෑග්ගක් ලැබුණු බවට සඳහන් කරමින් එය ලබා දීම සඳහා රුපියල් 85,000ක මුදලක් ෆේස්බුක් හරහා ඉල්ලා මෙම මිත්තණිය මුදල් වංචාව සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම මිත්තණිය හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
වැලිගම පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon