පොදුජන පෙරමුණේ යාපනයේ සාමාජික ප්‍රවර්ධනය 30දා ඇරැඹේ

  👤  3362 readers have read this article !
By mawbima 2017-09-22

ලක්ෂ්මී ජයකොඩි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පක්ෂ සාමාජික ප්‍රවර්ධන කටයුතු එළැඹෙන 30, 01 සහ 02 යන තෙදින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළේ දීපව්‍යාප්තව මෙම ප්‍රවර්ධන කටයුතු පැවැත්වීමට පක්ෂය සැලසුම් කර ඇති බවයි.
තම පෙරමුණ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් නමුත් ආණ්ඩුව තවමත් මැතිවරණ දින ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කරමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon