ගල්ගමුවේ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදීලා

  👤  3528 readers have read this article !
By mawbima 2017-09-22

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

ගල්ගමුව වන්නිකුඩාවැව බතලවැව ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගිය නිකවැරටිය කොට්ඨාස මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම ගැටුමේදී පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් එක් සැකකරුවකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත.

තුවාල ලබා ඇති ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාගේ කරුණාරත්න නමැත්තෙකි.පෙරේදා (20දා) දහවල් 1.30ට පමණ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ගල්ගමුව බතලේවැව ප්‍රදේශයේ කළ වැටලීමකදී ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරුගේ බිරිය හා දරුවන් එක්ව පොලිස් නිලධාරීන්ට කැති පොලු රැගෙන පහරදී තිබේ.

මේ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon